JF Packaging මූලික කොටස් නිකුතුවට අධි ඉල්ලුමක්

    October, 30, 2025

    අද (30) විවෘත වූ JF පැකේජින් සමාගමේ මූලික මහජන කොටස් නිකුතුව සඳහා අධිදායකත්වයක් ලැබී ඇති බව එම නිකුතුවේ රෙජිස්ට්‍රාර් සමාගම වන SSP කෝපරේට් සර්විසස් (පුද්) සමාගම දැනුම් දී සිටී.

    JF පැකේජින් සමාගම මෙම මූලික මහජන කොටස් නිකුතුවේ දී එක් කොටසක් රු. 11.60 බැගින් කොටස් 51,724,114ක් නිකුත් කිරීමට කටයුතු කර තිබුණි.

    නිකුතුව සඳහා ලැබී ඇති අධිදායකත්වය හේතුවෙන් අද පස්වරු 4.30ට මෙම නිකුතුව වසා දමන බව නිකුතුවේ රෙජිස්ට්‍රාර් සමාගම වැඩිදුරටත් සඳහන් කරයි.

    Video Story

    Stock Market

    Exchange Rates