August, 4, 2016
“ත්‍රිවේන්ද්‍රම් සිට සිට ඩුබායි බලා පියාසර කළ අපගේ EK521 ගුවන් යානය ඩුබායි ජාත්‍යන්තර ගුවන් තොටුපළේ දී අනතුරකට මුහුණ පෑවා. මෙහිදී අපගේ ගුවන් මගීන් කිසිවකුට ජීවිත හානියක් සිදුනොවීම පිළිබඳ අපි සතුටු වෙනවා. මෙවැනි තත්ත්වයක දී අපගේ පළමු ප්‍රමුඛතාවය වන්නේ අපගේ මඟීන් සහ කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව තහවුරු කිරීමයි“, යනුවෙන් එමිරේට්ස් ගුවන් සේවයේ සභාපති හා ප්‍රධාන විධායක නිලධාරී Sheikh Ahmed Bin Saeed Al Maktoum පැවසීය. ඊයේ ඩුබායි ජාත්‍යන්තර ගුවන් තොටුපළේ දී එමිරේට්ස් ගුවන්යානයක් අනතුරට පත්වීමේ සිදුවීම පිළිබඳ අදහස් දක්වමින් ඔහු එසේ පැවසීය.
මේ සම්බන්ධයෙන් එමිරේට්ස් සභාපතිවරයා දැක්වූ සම්පූර්ණ අදහස් පහතින් නැරඹිය හැකිය.
https://www.youtube.com/watch?v=4beG6JQ4NFI
Video Story