October, 31, 2025
ශ්‍රි ලංකාවේ පළමුවරට ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය (NLDB) පොල් වතුවල ඵලදායීතාවය ඉහළ නංවාගැනීමට කෘතිම බුද්ධිය (AI තාක්ෂණය) යොදා ගැනීමේ වැඩසටහන දඹදෙණිය ජාතික පශු සම්පත් සංවර් ධන මණ්ඩලය (NLDB) ආඩිගම ගොවිපලේදී කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණි.
මෙහිදී ඩ්‍රෝන තාක්ෂණය යොදා ගනිමින් පොල් වතු පරීක්ෂාවට ලක් කරන අතර ගස්වල නීරෝගීබාවය හදුනාගැනීම හා පොහොර යෙදිය යුතු ආකාරය තීරණය කිරීම ඒවාට ප්‍රථිකාර කළයුතු ආකාරය තීරණය කිරීම ආදිය මෙමගින් සිදු කරයි.
මෙම වැඩසටහනට සමගාමීව ජාතික පශු සම්පත් සංවර් ධන මණ්ඩලයයේ පොල් ගස් 480,000 කට පොහොර යෙදිමේ වැඩසටහන සහ පොල් පැල 50,000 ක් ඉන්දවීමේ වැඩසටහනද නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතාගේ නිරීක්ෂණයට ලක් විය.
මෙම අවස්ථාවට කුරුණෑගල දිස්ත්‍රික් පාර් ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය ජගත් ගුණවර් ධන, කෘෂිකර් ම , පශු සම්පත් ඉඩම් හා වාරිමාර් ග අමාත්‍යාංශයේ පශු සම්පත් අංශයේ අතිරේක ලේකම් වෛද්‍ය පාලිකා ප්‍රනාන්දු මහත්මිය, ජාතික පශු සම්පත් සංවර් ධන මණ්ඩලයේ සභාපති වෛද්‍ය බී.සී.එස්.පෙරේරා මහතා, උප සභාපති වෛද්‍ය ඩබ්.එම්.ඩී.එස්. වන්නිනායක මහතා , සාමාන්‍යාධිකාරී පශු වෛද්‍ය කේ.ජී.ජේ. එස් දිස්නක මහතා ඇතුලු ජාතික පශු සම්පත් සංවර් ධන මණ්ඩලයේ නිලධාරීන් සහභාගී විය.
Video Story