October, 31, 2025
ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරයේ මෝටර් රථ අලෙවි අංශය වන ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් (ප්‍රයිවට්) ලිමිටඩ්, ශ්‍රී ලංකාවට හයිබ්‍රිඩ් සහ ඉලෙක්ට්‍රික් වාහන (NEV) පෙළක් හඳුන්වාදීම සඳහා ගෝලීය මෝටර් රථ ප්‍රමුඛයෙකු වන GWM සමඟ පසුගියදා ගිවිසුම්ගත විය.
පසුගියදා ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් ප්‍රධාන කාර්යාලයේදී පැවති මාධ්‍ය සාකච්ඡාවකදී මෙම ගිවිසුම්ගතවීම නිවේදනය කළ අතර ඒ සදහා ඩේවිඩ් පීරිස් සමූහයේ සමූහ සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ රෝහණ දිසානායක, ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් විධායක අධ්‍යක්ෂ මහේෂ් ගුණතිලක සහ ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් විකුණුම් හා අලෙවි ප්‍රධානී ලසන්ත අබේකෝන් යන මහත්වරු සහභාගී විය.
GWM නියෝජිතයින් අන්තර්ජාලය හරහා මෙම අවස්ථාවට සම්බන්ධ වූයේ, නවෝත්පාදනය, විශ්වසනීයත්වය සහ තිරසාරභාවය සමඟින් රට තුළ ප්‍රවාහනය වැඩිදියුණු කිරීමට කටයුතු කරන නව හවුල්කාරිත්වයක් ආරම්භ කිරීම සනිටුහන් කරමිනි.
මෙම හවුල්කාරිත්වය ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරයේ වසර 40 ක විශ්වාසනීය සහ විශ්වාසදායක සේවාව හා දැනට රටවල් 100 කට අධික සංඛ්‍යාවක ක්‍රියාත්මක GWM ගෝලීය ඉංජිනේරු විශිෂ්ටත්වය සමඟ ඒකාබද්ධ කරයි. මෙම සහයෝගීතාවය හරහා ශ්‍රී ලාංකික පාරිභෝගිකයින්ට අති නවීන තාක්‍ෂණය සහ එදිනෙදා භාවිතය පහසුකරන හයිබ්‍රිඩ්, ප්ලග්-ඉන් හයිබ්‍රිඩ් සහ පූර්ණ ඉලෙක්ට්රික් වාහන පෙළක් සඳහා ප්‍රවේශය ලැබෙනු ඇත.
GWM විසින් අලෙවි කරනු ලබන Haval H6 පරාසය සඳහා ඕස්ට්‍රේලියාවේ තරු 5 ANCAP ආරක්ෂිත ශ්‍රේණිගත කිරීමක් සහ ලෝකයේ ඉහළ නියාමනයන් සහිත වෙළෙද පොළ අත්දැකීම් සමඟින්, GWM ශ්‍රී ලංකාවේ පාරිභෝගිකයාට මාර්ගයේ විශිෂ්ට කාර්ය සාධනයක් සහ විශ්වාසයක් ලබා දෙයි. GWM ගෝලීය තේමාව වන “Go With More” අනුව යමින් මෙම දියත් කිරීම ශ්‍රී ලාංකික පාරිභෝගිකයාට බලය සහ ඉන්ධන කාර්යක්ෂමතාව යන ප්‍රතිලාභ දෙකම භුක්ති විඳිය හැකිය.
GWM හයිබ්රිඩ් පරාසය හඳුන්වා දීම
ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් GWM හවුල්කාරිත්වය යටතේ පළමුව හදුන්වාදෙන වාහන සමූහය පහත මාදිළිවලින් සමන්විත වේත.
මීට අමතරව, පූර්ණ ඉලෙක්ට්රික් ORA වාහන මාදිළි පෙළ දියත් කරනු ඇති අතර එමඟින් ශ්‍රී ලාංකික පාරිභෝගිකයින්ට පරිසර හිතකාමී සහ ඉහළ කාර්යසාධනයක් සහිත වාහන සඳහා වැඩි තේරීමක් ලබා දෙනු ඇත.
මෙම හවුල්කාරිත්වය නිෂ්පාදන හඳුන්වාදීමකට වඩා වැඩි යමක් නියෝජනය කරයි. එය ශ්‍රී ලංකාවේ ප්‍රවාහනයේ අනාගතය කරා යන වැදගත් පියවරකි.
GWM උසස් හයිබ්‍රිඩ් සහ විදුලි තාක්‍ෂණය මේනම ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් දිවයින පුරා සේවා ජාලය සමඟ ඒකාබද්ධ කිරීමෙන්, ශ්‍රී ලාංකිකයින්ට දැන් වඩා හොඳ කාර්යක්ෂමතාවයක්, වැඩි වටිනාකමක් සහ විශ්වාසයක් සහිත වාහනයක් භාවිත කිරීමේ අවස්ථාව උදා වී ඇත.


