භාණ්ඩාගාර බිල්පත් පොළිය ඉහළට

    August, 4, 2016

    ඊයේ (03) පැවති භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී පොළී අනුපාතික කැපී පෙනෙන ලෙසින් ඉහළ ගොස් තිබේ. පසුගිය සතියේ දී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රතිපත්ති පොළී අනුපාතික පදනම් අංක 50 බැගින් ඉහළ දැමීමට පියවර ගත් අතර ඊට සමගාමීව මෙම පොළී අනුපාතික වැඩිවීම සිදුව තිබේ.

    ඊයේ පැවති වෙන්දේසිය සඳහා රුපියල් මිලියන 66,981 ක ලංසු ලැබී ඇති අතර එයින් රුපියල් මිලියන 18,152 ක ලංසු අනුමත කිරීමට කටයුතු කර තිබිණි.

    2016 අගෝස්තු 03 වන දින පැවති භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසිය පිළිබඳ පූර්ණ සටහනක් පහත දැක්වේ.