ඉදිකිරීම් කළමනාකරුවන්ගේ දර්ශකය වැඩි වේගයකින් ඉහළට 

    October, 31, 2025

    ඉදිකිරීම් ක්ෂේත්‍රයේ අඛණ්ඩ වර්ධනයක් පිළිබිඹු කරමින්, ඉදිකිරීම් කටයුතු සඳහා වන ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය වන සමස්ත ක්‍රියාකාරකම් දර්ශකය,  ඉදිකිරීම් ක්‍රියාකාරකම්වල 2021 වසරේ අග භාගයේ සිට වාර්තා වූ ඉහළම වැඩිවීම වාර්තා කරමින්,  2025 සැප්තැම්බර් මාසයේ දී දර්ශකාංක 67.6ක අගයක් දක්වා ඉහළ ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

    ව්‍යාපෘති අවස්ථා අඛණ්ඩව පැවතීම මගින් ඉදිකිරීම් අංශයේ වර්ධනය සඳහා ස්ථාවර පදනමක් සපයා ඇති බව ප්‍රතිචාර දැක්වූවන් විසින් අවධාරණය කර ඇත.

    සමීක්ෂණයට ප්‍රතිචාර දැක්වූවන් බොහෝදෙනෙක් විසින්, විශේෂයෙන් මාර්ග ප්‍රතිසංස්කරණ ව්‍යාපෘති ඇතුළත්ව, විවිධ ඉදිකිරීම් ව්‍යාපෘති ලබා ගත හැකි වෙමින් පවතින බව වාර්තා කිරීම හමුවේ සැප්තැම්බර් මාසයේ නව ඇණවුම් දර්ශකය තව දුරටත් ඉහළ ගොස් ඇත.

    තවද, ඉදිකිරීම් අංශය සඳහා ධනාත්මක අපේක්ෂාවන් ඇති කරමින් සේවා නියුක්තිය සහ තොග මිලදී ගැනුම් දර්ශක සැප්තැම්බර් මාසයේදී ඉහළ ගියේය.

    මේ අතර, ඇණවුමක් සැපයීමට සැපයුම්කරුවන්ට ගතවන කාලය මෙම මාසය තුළ දී තවදුරටත් ඉහළ ගියේය.