August, 5, 2016
ශ්‍රී ලංකා ආගන්තුක සත්කාර කර්මාන්තයට එකතුවන නවතම තරු 5 හෝටලය වන Riu Sri Lanka, අද (05) දින විවෘත කෙරේ. දකුණු වෙරළ තීරයේ අහුන්ගල්ලේ ඉදිවුණු මෙම අතිසුඛෝපභෝගී හෝටලය කාමර 500 කින් සමන්විතය.
අති විශාල පිහිනුම් තටාක තුනක්, ළමා පිහිනුම් තටාකයක්, Sunbathing terraces, Jacuzzi, Gym සහ Renova Spa, Massage rooms ඇතුළු අතිසුඛෝපභෝගී අංග ගණනාවකින් අහුන්ගල්ලේ Riu Hotels & Resorts පරිපූර්ණ වේ.
ස්පාඤ්ඤයේ Majorca දිවයින පදනම් කරගත් Riu හෝටල් සමූහයට ලොව පුරා රටවල් 18 ක 100 කට අධික හෝටල් සංඛ්‍යාවක අයිතිය හිමිය.