August, 6, 2016
තෑග්ග Samsung Galaxy S7 edge ස්මාර්ට් ජංගම දුරකතනයක්
සිව් වසරකට වරක් පැවැත්වෙන ලොව සුපිරි ක්‍රීඩා මංගල්‍යය වන ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගී වන සෑම ක්‍රීඩක ක්‍රීඩිකාවකටම ත්‍යාගයක් ප්‍රදානය කිරීමට සැම්සුන්ග් සමාගම පියවර ගෙන තිබේ.
මෙවර 2016 ඔලිම්පික් ක්‍රීඩා උළෙල ශ්‍රී ලංකා වේලාවෙන් අද (06) දින බ්‍රසීලයේ රියෝ නුවර දී නිල වශයෙන් ඇරඹි අතර ඒ සඳහා සැම්සුන්ග් සමාගම, ඔලිම්පික් උළෙල වෙනුවෙන්ම නිෂ්පාදනය කරන ලද සීමිත මාදිලියක් වූ Samsung Galaxy S7 edge ස්මාර්ට් ජංගම දුරකතනයක්, ක්‍රීඩා උළෙල සඳහා සහභාගී වන සෑම ක්‍රීඩක ක්‍රීඩිකාවකටම ලබා දීමට තීරණය කර ඇත.
මේ සම්බන්ධයෙන් සැම්සුන්ග් සමාගම කියා සිටින්නේ Samsung Galaxy S7 edge ස්මාර්ට් ජංගම දුරකතන 12,500 ක් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව වෙත ලබා දුන් බවයි. Samsung Galaxy S7 edge ක මිල ශ්‍රී ලංකා මුදලින් රු. 100,000 ක් පමණ වේ.
පළමු ඡායාරූපයේ දැක්වෙන්නේ මෙවර ඔලිම්පික් උළෙල සඳහා සහභාගී වන බ්‍රසීලයේ කාන්තා වෝටර් පෝලෝ කණ්ඩායම තමන්ට ලැබුණු අතැතිව සිටින ආකාරයයි

මෙවර ඔලිම්පික් උළෙලට එක්වන එක්සත් ජනපදයේ රන් පදක්කම් ලාභී ක්‍රීඩිකා Kayla Harrison, තමන්ට ලැබුණු Samsung Galaxy S7 edge ස්මාර්ට් ජංගම දුරකතනයෙන් සෙල්ෆි ඡායාරූපයක් ගන්නා අයුරු