August, 8, 2016
මෙම වසරේ සහ ඊට පෙර වසරේ කොළඹ කොටස් වෙළෙඳපොළෙන් ශුද්ධ විදේශීය ගලායාමක් වාර්තා කර තිබුණ ද එය ඊට පෙර වසරවල කොටස් වෙළෙඳපොළ වෙත ගලා ආ විදෙස් ආයෝජන හා සැසඳීමේ දී කුඩා අගයයක් බව කොළඹ කොටස් වෙළෙඳපොළ ප්‍රධාන විධායක නිලධාරී රජීව බණ්ඩාරනායක මහතා පැවසීය. පසුගිය දා කොළඹ කොටස් වෙළෙඳපොළේ පැවති පුවත්පත් සාකච්ඡාවක දී ඒ මහතා මේ බව කියා සිටියේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රජීව බණ්ඩාරනායක මහතා මෙසේ පැවසීය.
“2013 හා 2014 වසරවලදී රුපියල් බිලියන 33 ක හා රුපියල් බිලියන 22 ක පමණ ප්‍රමාණයක ශුද්ධ විදේශීය ගලා ඒම් වාර්තා වුණා. නමුත් මෙම වර්ෂයේ හා පසුගිය වර්ෂයේ ආයෝජනවල පිටවීමක් තිබුණත් එය එතරම් විශාල ප්‍රමාණයක් නොවෙයි. මේ අවුරුද්දේ දැනට රුපියල් බිලයන 5 ක පමණ හා පෙර වසරේ රුපියල් බිලියන 3 ක පමණ ශුද්ධ විදේශීය ගලා යාමක් වාර්තා වෙනවා. මෙයින් පැහැදිලි වන්නේ කොටස් වෙළෙඳපොළට ආපු මුදල් තවමත් එහි රැදී තිබෙන බවයි“.