August, 10, 2016
ජනාධිපති අපනයන සම්මාන උළෙල ඊයේ (09) බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ දී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්විණි.
අපනයන ක්ෂේත‍්‍රයට දායකවූවන් ඇගයීම වෙනුවෙන් අපනයන සංවර්ධන මණ්ඩලය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ජනාධිපති අපනයන සම්මාන උළෙල මෙවර පැවැත්වූයේ 20 වන වරටය.
2014/2015 වර්ෂයන්ට අදාළව ක්ෂේත‍්‍ර 10 ක් ඔස්සේ සම්මාන 113 ක් මෙහිදී ප‍්‍රදානය කෙරුණු අතර ජනාධිපතිතුමා අතින් 20 දෙනෙකු වෙත සම්මාන ප‍්‍රදානය කෙරිණි.
https://www.youtube.com/watch?v=8BOpP8f7Ap8
වසරේ ශී‍්‍ර ලාංකීය අපනයනකරුවා, උපරිම ශුද්ධ විදේශ විනිමය ඉපැයුම්කරුවා, වැඩිම වෙළෙඳපොළ විවිධාංගිකරණයක් ඇති අපනයනකරුවා, වසරේ හොඳම ශී‍්‍ර ලාංකීය අපනයන වෙළෙඳ නාමය, මෙරට අපනයනයේ නියැලි සිටින හොඳම බහුජාතික සමාගම, තිරසාර සංවර්ධනයට දායක වන හොඳම අපනයන සමාගම, අපනයන ක්ෂේත‍්‍රයේ වැඩිම රැකියා උත්පාදක, ප‍්‍රාදේශීය මට්ටමින් අපනයන සැපයුම් දාමයට වැඩිම දායකත්වයක් දක්වන අපනයනකරුවා, හොඳම නැගී එන අපනයනකරුවා, අපනයන ක්ෂේත‍්‍රය සඳහා හොඳම ඇසුරුම්කරණ සේවා සැපයුම්කරුවා යන විශේෂ සම්මාන 10 ක් හා භාණ්ඩ හා සේවා අපනයන වර්ගීකරණය යටතේ සම්මාන 93 ක් ඇතුළු සම්මාන 113 ක් මෙහිදී පිරිනැමිණි.
මෙහිදී වසරේ අපනයනකරුට හිමි සම්මානය බ්‍රැන්ඩික්ස් ඇඟළුම් සමාගම හිමි කර ගත් අතර හොඳම අගය එකතු කළ නිෂ්පාදන යටතේ වසරේ තේ සැපයුම්කරුට හිමි සම්මානය ජෝර්ජ් ස්ටුවර්ට් තේ සමාගම හිමි කර ගන්නා ලදී.
අමාත්‍යවරුන් වන රවී කරුණානායක, මහින්ද අමරවීර, නවීන් දිසානායක, මලික් සමරවික‍්‍රම, රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ, මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි, ශී‍්‍ර ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපතිනි හා ප‍්‍රධාන විධායිකා ඉන්දිරා මල්වත්ත යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.