August, 10, 2016
2015 වසර අග සිට 2016 අගෝස්තු මස 08 වැනි දින දක්වා කාලපරිච්ඡේදය තුළ දී ශ්‍රී ලංකා රුපියල එක්සත් ජනපද ඩොලරයට එරෙහිව 1.1% කින් මධ්‍යස්ථව අවප්‍රමාණය විය. තවද අනෙකුත් විදේශ ව්‍යවහාර මුදල්වල විනිමය අනුපාත හැසිරීම මත පදනම්ව මෙම කාලපරිච්ඡේදය තුළ දී ශ්‍රී ලංකා රුපියල යූරෝවලට එරෙහිව 2.6% කින් ද, ජපන් යෙන්වලට එරෙහිව 16.2% කින් ද, කැනේඩියානු ඩොලරයට එරෙහිව 6% කින් ද, ඕස්ට්‍රේලියානු ඩොලරයට එරෙහිව 5.2 කින් සහ ඉන්දියානු රුපියලට එරෙහිව 0.6% කින් ද අවප්‍රමාණය වූ අතර ස්ටර්ලින් පවුමට එරෙහිව 12.1% කින් අධිප්‍රමාණය විය.
2016 මැයි මස අග වන විට ශ්‍රී ලංකාවේ දළ නිල සංචිත ප්‍රමාණය ආනයනික මාස 3.6 කට සමාන වන පරිදි එක්සත් ජනපද ලෙර් බිලියන 5.6 ක්වූ අතර, මුළු විදේශීය වත්කම් ආනයනික මාස 4.9 කට සමාන වන පරිදි එක්සත් ජනපද ඩොලර් බිලියන 7.7% ක් විය.
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් එළි දක්වන ලද නවතම වාර්තාවක මෙම තොරතුරු සඳහන් කර ඇත.