August, 10, 2016
රෝයල් සෙරමික් ලංකා පීඑල්සී හි පූර්ණ අනුබද්ධ සමාගමක් වන එවර් පේන්ට් ඇන්ඩ් කෙමිකල් ඉන්ඩස්ට්රීසී පුද්ගලික සමාගමේ කටයුතු වහාම අත්හිටුවීමට පියවර ගෙන තිබේ. මේ අනුව එවර් පේන්ට් සමාගමේ සියලු වත්කම් විකුණා දැමීමට රෝයල් සෙරමික් සමාගම තීරණය කර ඇත.
කලර්බ්රයිට් වෙළෙඳ නාමය යටතේ තීන්ත නිෂ්පාදනයේ යෙදුණු එවර් පේන්ට් ඇන්ඩ් කෙමිකල් ඉන්ඩස්ට්‍රීස් සමාගම දිගින් දිගටම අලාභදායිත්වයක් වාර්තා කිරීම මෙම තීරණයට මූලික හේතුව වී තිබේ.
මේ අනුව සමාගම සතු වත්කම් රුපියල් මිලියන 226 කට මේ වන විට තක්සේරු කර ඇති අතර වහාම මෙම වත්කම් විකිණීමට රෝයල් සෙරමික් සමාගම තීරණය කර ඇත.
මේ අතර ජාත්‍යන්තර ෆෝබ්ස් සඟරාව විසින් ප්‍රකාශයට පත්කරනු ලැබූ ආසියාවේ ඩොලර් බිලියනයට අඩු ව්‍යාපාර ලැයිස්තුවට එක් වූ හ්‍රී ලංකා සමාගම තුන අතරට එක්වීමට රෝයල් සෙරමික් පසුගියදා සමත්විය.