August, 10, 2016
ජනාධිපති අපනයන සම්මාන ප්රදානෝත්සවයේදී සම්මාන 11 ක් දිනාගනිමින් ඉහළම ගෞරවයට ලක්වෙයි
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය EDB විසින් සංවිධානය කළ ඊයේ (09) සන්ධ්‍යාවේ අති උත්කර්ශවත් ලෙසින් පැවැත්වුණු ගෞරවණීය ජනාධිපති අපනයන සම්මාන උළෙලේදී ඉහළම බුහුමනට පාත්‍ර වෙමින් 2014 සහ 2015 සඳහා ‘වසරේ අපනයනකරු’ සම්මාන දෙක ඇතුළු සුවිශේෂී සම්මාන 11 ක් දිනාගැනීමට බ්‍රැන්ඩික්ස් සමූහය සමත්විය.
බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ පැවති මෙම සම්මාන ප්රදානෝත්සවයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් බ්‍රැන්ඩික්ස් සමූහය වෙත සම්මාන ප්රදානය කරන ලදී. මෙහිදී, සමස්තයක් ලෙස මෙරට විශාලතම අපනයනකරුවා, 2014 සහ 2015 වසර වලදී ශ්‍රී ලංකාවට වැඩිම ශුද්ධ විදේශ විනිමය උපයාදුන් අපනයන කරුවා, මෙම වසර දෙකේදීම ඇඟලූම් ක්ෂේත්රයේ වැඩිම විදේශ විනිමය උපයාදුන් අපනයනකරුවා, 2014 සහ 2015 වසර වලදී අපනයන කර්මාන්ත ක්ෂේත්රයේ වැඩිම රැුකියා ප්‍රමාණයක් උත්පාදනය කළ අපනයනකරුවා, පසුගිය වසරේදී ඇඟලූම් ක්ෂේත්රයේ වැඩිම අගය එකතු කිරීමක් කළ අපනයනකරුවා වෙමින් ශ්‍රී ලංකාවේ ජාතික ආර්ථිකයට බ්‍රැන්ඩික්ස් විසින් කළ අමිල මෙහෙවර මෙම සම්මාන ප්රදානෝත්සවයේදී ඇගයීමට ලක්විය.
මීට අමතරව, 2014 වසර වෙනුවෙන් තිරසාර සංවර්ධනයේ විශිෂ්ටත්වය සහ ප්‍රාදේශීය මට්ටමින් අපනයන සැපයුම් දාමයට වැඩිම දායකත්වයක් දැක්වූ අපනයනකරුවාට හිමි සම්මාන යුගලයද බ්‍රැන්ඩික්ස් විසින් දිනා ගන්නා ලදී.
පසුගිය වසර හතරක කාලය තුළ ශ්‍රී ලංකාවේ සියළුම අපනයන අංශ සැලකීමේදී ‘වසරේ අපනයනකරුවා’ සම්මානය දිනා තිබෙන්නේ බ්‍රැන්ඩික්ස් සමූහය විසිනි. මේ අනුව, මේ දක්වා බ්‍රැන්ඩික්ස් සමූහය විසින් ජනාධිපති අපනයන සම්මාන වලදී සම්මාන 25 ක් දිනාගැනීමට සමත්ව තිබේ.
‘‘ගෝලීය ඇඟලූම් සන්නාමයන් සඳහා ඒකායන විසඳුම් (inspired solutions) සම්පාදනයේ ප්රමුඛයෙකු ලෙස අපි විසින් ප්‍රමාණයෙන් සහ හැකියාවෙන් වර්ධනය වන අතරම වටිනාකම් ගොඩනැගීම පිළිබඳවත් නිරන්තර අවධානය යොමු කරනවා’’ යනුවෙන් දිනාගත් සම්මාන පිළිබඳව අදහස් දක්වමින් බ්‍රැන්ඩික්ස් සමූහයේ ප්‍රධාන විධායක නිළධාරී, අෂ්රොෆ් ඕමාර් මහතා සඳහන් කළේය. ‘මෙම සම්මාන වලින් නැවත වරක් තහවුරු කරන්නේ අපි නිවැරදි මාවතේ ගමන් කරන බවයි. ශ්‍රී ලංකාවේ අපනයන ඉපැයීම් වෙනුවෙන් අප විසින් සිදුකරන මෙහෙවර වෙනුවෙන් ලැබුණු මෙම ඇගයීම ඉතාමත් නිහතමානීව අප විසින් පිළිගන්නවා.’
2015 වසරේදී පැවැත්වූ ජනාධිපති අපනයන සම්මාන ප්රදානෝත්සවයේදී 2012 සහ 2013 වෙනුවෙන් මෙරට ‘වසරේ අපනකරුවා’ ලෙසින් සහ මෙම වසර දෙකේදීම ඇඟලූම් ක්ෂේත්රයේ ‘හොඳම අපනයනකරුවා’ ලෙසින් බ්‍රැන්ඩික්ස් සමූහය බුහුමනට පාත්‍ර විය. මීට අමතරව, 2012 සහ 2013 වසර වලදී වැඩිම ශුද්ධ විදේශ අපනයන ආදායමක් උපයාදුන් අපනයන කරුවා සහ අපනයන ක්ෂේත්රය තුළ වැඩිම රැුකියා ප්‍රමාණයක් උත්පාදනය කළ අපනයනකරුවා යන විශේෂ සම්මාන හතරෙන්ද පිදුම් ලැබීමට මෙම සම්මාන උළෙලේදී බ්‍රැන්ඩික්ස් සමූහය සමත්විය.
2016 වසරේ මෙරට වඩාත් වටිනාම අපනයන සන්නාමය ලෙසින් බ්රෑන්ඞ් ෆයිනෑන්ස් විසින් නම් කරන ලද බ්‍රැන්ඩික්ස් ශ්‍රී ලංකාවේ ඇඟලූම් කර්මාන්තයට පූර්ණ විසඳුම් සංකල්පය හඳුන්වාදීමේදී පුරෝගාමී සමාගම ලෙස ගෞරවයට පාත්රවී තිබෙන අතර ඇමරිකාවේ සහ යුරෝපයේ ප්‍රමුඛතම ඇඟලූම් සන්නාම සඳහා සැපයුම්කරුවෙකි. පරිසර හිතකාමී නිෂ්පාදන කටයුතු සම්බන්ධයෙන් බ්‍රැන්ඩික්ස් සමූහය මිණුම් ලකුණක් සහ ජාත්‍යන්තර සම්මාන ලාභියෙකු වන අතර පාරිසරික යහපුරුදු වෙනුවෙන් කැපවී සිටී.
ඡායාරූපය: බ්‍රැන්ඩික්ස් සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී, අෂ්රොෆ් ඕමාර් මහතා (දකුණු පස සිට දෙවනුව) සහ බ්‍රැන්ඩික්ස් එසෙන්ෂල්ස් හා බ්‍රැන්ඩික්ස් ඇපරල් ඉන්දියා හී ප්‍රධාන විධායක නිලධාරිනී රංගා රන්මදුගල මහත්මිය විසින් ‘වසරේ ශ්‍රී ලංකේය අපනයනකරු’ට හිමි ජනාධිපති සම්මාන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතින් ලබා ගනිමින්

බ්‍රැන්ඩික්ස් සමූහයේ ජ්‍යෙෂ්ඨ නායකත්වය ජනාධිපති අපනයන සම්මාන ප්‍රධානෝත්සවයේදී ලබාගත් සම්මාන 11 අතැතිව