December, 12, 2025
ශ‍්‍රී ලංකාව තුළ තිරසාර සහ අවම මිල ගණන් යටතේ ජනතාවට ලීසිං විසඳුම් ලබාදීම සඳහා සහාය වන සිය කැපවීම තහවුරු කරමින්, NDB බැංකුව Brown EV (Pvt) Ltd සමඟ උපායමාර්ගික හවුල්කාරිත්වයකට එළඹ තිබේ. මෙම සහයෝගීතාවය මඟින් පාරිභෝගිකයින්ට Brown EV සමාගම අලූතින්ම දියත් කරන ලද Wuling විදුලි වාහන පෙළ සඳහා ආකර්ශණීය සහ නම්‍යශීලී මූල්‍ය විසඳුම් ලබාදේ. ඒ සමඟින් ශ‍්‍රී ලාංකික ජනතාවට විදුලි රථ වාහන වෙත මාරුවීම දැන් තවත් පහසු වී ඇත.
මෝටර් රථ කර්මාන්තයේ වසර 150 කට අධික ඉතිහාසයකට උරුමකම් කියන, සහ LOLC සමූහය යටතේ තවදුරටත් ශක්තිමත් වූ Browns සමාගමේ Brown EV, ගෝලීය වශයෙන් පිළිගත් Wuling විදුලි වාහන ශ‍්‍රී ලංකා වෙළඳපොළට හඳුන්වා දීමේ පුරෝගාමී පියවරක් තබා ඇත.
අලූතින් හඳුන්වා දුන් Wuling විදුලි රථවාහන පෙළ හරහා විවිධ පාරිභෝගික කොටස් සඳහා පුළුල් පරාසයක තෝරාගැනීම් හිමිකර දෙයි. හඳුන්වාදීමේ මිල වන රුපියල් මිලියන 12.4 කට සියළු විශේෂාංග සහිත Wuling Cloud , කාර්යක්ෂමතාව සහ අනර්ඝ නිමාව යන දෙක අපේක්ෂා කරන පවුල් සඳහා වඩාත් සුදුසු, බලවත්, ඉඩකඩ සහිත සහ සුවපහසු රිය පැදවීමේ අත්දැකීමක් ලබා දෙයි. රුපියල් මිලියන 8.1 ක මිලකට Wuling Binguo, නවීන පහසුව සහ නවීන මෝස්තර සොයන තරුණ වෘත්තිකයන් සඳහා සකස් කරන ලද ආකර්ෂණීය, සුවපහසු සහ විශේෂාංග සහිත විසඳුමක් ඉදිරිපත් කරයි. ඊට අමතරව, Brown EV සමාගම විසින් ඉතා දැරිය හැකි මිලකට BAW E6 සහ E7 මාදිලි ද එළිදක්වා ඇති අතර, ඒවා පිළිවෙලින් රුපියල් මිලියන 4.6 සහ රුපියල් මිලියන 4.7 ක මිලකට ලබා දී ඇති අතර, එමඟින් අවම මිලකට නවතම වාහනයක් මිලදී ගැනීමට බලාපොරොත්තු වන සියලූම ශ‍්‍රී ලාංකිකයින්ට එය යථාර්ථයක් බවට පත් කර ඇත.
මෙම හවුල්කාරිත්වය පිළිබඳව අදහස් දක්වමින් NDB බැංකුවේ ලීසිං අංශයේ ප‍්‍රධානී සහකාර උප සභාපති දිලූම් අමරසිංහ මහතා මෙසේ පැවසීය, ‘විදුලි වාහන තවදුරටත් දුරස්ථ සිහිනයක් නොව සියළු ශ‍්‍රී ලාංකිකයින්ට ලඟා කරගත හැකි යථාර්ථයක් බවට පත්ව ඇත. Brown EV සමාගම සමඟ අප ඇති කරගත් මෙම හවුල්කාරිත්වය හරහා, විශ්වාසදායක, උසස් තත්ත්වයේ විදුලි වාහනයක් හිමිකර ගැනීම පහසු සහ දැරිය හැකි මිලකට ලබා දෙන පරිදි සකස් කරන ලද ලීසිං විසඳුම් පුළුල් කිරීමට ලැබීම ගැන අපි ආඩම්බර වෙමු. මෙය පුද්ගලික ගනුදෙනුකරුවන්ට සහ ව්‍යාපාර වලට විශ්වාසයෙන් ඉදිරියට යාමට හැකි වන අතරම තිරසාර ක‍්‍රියාකාරකම් පෝෂණය කිරීම සඳහා NDB බැංකුවේ කැපවීමේ කොටසකි.’
Brown EV සමාගමේ අධ්‍යක්ෂ / ප‍්‍රධාන විධායක නිලධාරී පවිත‍්‍ර ජයසේකර මහත්මා සිය අදහස් එකතු කරමින් මෙසේ පැවසීය. ‘Brown EV, සමාගමේ අපගේ දැක්ම වන්නේ සෑම ශ‍්‍රී ලාංකිකයෙකුටම විශ්වාසයෙන් යුතුව පරිසර හිතකාමී විසඳුම් වෙත ලඟාවීම සඳහා බලය ලබා දෙන සම්පූර්ණ පරිසර පද්ධතියක් ගොඩනැගීමයි. Wuling සහ BAW වාහන පෙළ දියත් කිරීම හරහා සියළු දෙනාට අවම මිලකට ලබා දෙන නවතම, නව්‍ය සහ ආකර්ෂණීය වාහන හිමිකර දීමේ අපගේ ප‍්‍රයත්නය පෙන්නුම් කරයි. NDB බැංකුව සමඟ ඇතිකරගත් අපගේ මෙම හවුල්කාරිත්වය හරහා, උසස් තත්වයේ විදුලි වාහන තාක්ෂණය ඇතුළත් මූල්‍යකරණය සමඟ ඒකාබද්ධ කරන පරිපූර්ණ විසඳුම් නිර්මාණය කිරීම සඳහා අපි සැලකිය යුතු පියවරක් තබමු, එමඟින් වැඩි ශ‍්‍රී ලාංකිකයින් පිරිසකට තිරසාර අනාගතයකට විශ්වාසයෙන් යුතුව ඉදිරියට යාමට මඟ පෙන්වයි’
මෙම හවුල්කාරිත්වය හරහා, NDB බැංකුව නම්‍යශීලී ආපසු ගෙවීමේ සැලසුම්, ඉක්මන් අනුමැතිය සහ අසමසම පාරිභෝගික සේවාවක් වැනි සුවිශේෂී ප‍්‍රතිලාභ සමඟින්, විශේෂයෙන් සකස් කරන ලද ලීසිං පහසුකම් ලබා දෙනු ඇත. පුළුල් ශාඛා ජාලයක් සහ කැපවූ ලීසිං මධ්‍යස්ථාන සමඟින්, දිවයින පුරා විදුලි වාහන හිමිකාරිත්වය සඳහා මූල්‍ය ප‍්‍රවේශය පුළුල් කිරීමට NDB බැංකුව සැදී පැහැදී සිටියි.
මෙම සහයෝගිතාවය මඟින් තිරසාර නවෝත්පාදනයන්ට සහාය වීම සහ අනාගත පරම්පරාවට උචිත නවතම මූල්‍ය විසඳුම් සමඟ පුද්ගලික ගනුදෙනුකරුවන් සහ ව්‍යාපාර සවිබල ගැන්වීම සඳහා NDB බැංකුවේ නොසැලෙන කැපවීම අවධාරණය කරයි. Brown EV සමාගම සමඟ එක්ව, NDB බැංකුව ශ‍්‍රී ලාංකිකයින්ට විදුලි රියක හිමිකාරිත්වය ලබා ගැනීම සහ පරිසර හිතකාමී හා වඩාත් සවිමත් ජාතියක් ගොඩනැගීම සඳහා දායක වීමට හැකියාව ලබා දෙයි.
NDB බැංකුව ශ‍්‍රී ලංකාවේ සිව්වන විශාලතම පෞද්ගලික වාණිජ බැංකුවයි. 2025 Euromoney විශිෂ්ටතා සම්මාන උළෙලේදී ශ‍්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා හොඳම ඩිජිටල් බැංකුව ලෙස NDB බැංකුව නම් කරන ලද අතර 2024 Asian Banking and Finance සඟරාව (සිංගප්පූරුව) සම්මාන උළෙලේදී වසරේ ශ‍්‍රී ලංකාවේ හොඳම පෞද්ගලික බැංකුකරණය සහ වසරේ ශ‍්‍රී ලංකා දේශීය ව්‍යාපෘති මූල්‍ය බැංකුව ලෙස සම්මානයට පාත‍්‍ර විය. ප‍්‍රාග්ධන වෙළඳපොළ අනුබද්ධ සමාගම් වලින් සමන්විත NDB සමූහයේ මව් සමාගම NDB බැංකුව වන අතර, එම සමාගම් එක්ව අද්විතීය බැංකුකරණ සහ ප‍්‍රාග්ධන වෙළඳපොළ සේවා සමූහයක් සාදයි. ඩිජිටල් බැංකුකරණ විසඳුම් මඟින් බල ගැන්වෙන අර්ථවත් මූල්‍ය සහ උපදේශන සේවා හරහා ජාතිය සහ එහි ජනතාව සවිබල ගැන්වීමට බැංකුව කැපවී සිටී.
ඡායාරූපය - NDB බැංකුවේ සහ Brown EV සමාගමේ නියෝජිතයින් අවබෝධතා ගිවිසුම අත්සන් තැබීමේ අවස්ථාව
Video Story