December, 12, 2025
නව පරපුරේ තාරුණ්‍යයේ අවශ්‍යතාවයන් හඳුනා ගෙන ඔවුන්ගේ අරමුණු කරා යාම සවිබල ගැන්වීම වෙනුවෙන් වූ කොමර්ෂල් බැංකුවේ කැපවීම ශක්තිමත් කරමින්, බැංකුව විසින් තාක්ෂණික අධ්‍යාපනය සඳහා වන ඩිමෝ ඇකඩමි (DATS) ආයතනය සමඟ අවබෝධතා ගිවිසුමක් (MoU) අත්සන් කර ඇත. උසස් තාක්ෂණික අධ්‍යාපනය සහ වෘත්තීය පුහුණුව ලබා ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට බැංකුවේ අධ්‍යාපනික ණය යෝජනා ක්‍රම ප්‍රචලිත කිරීම මෙහි අරමුණ වේ.
මෙම සහයෝගීතාවය තුළින් ඩිමෝ සමාගමට අනුබද්ධ වෘත්තීය පුහුණු ආයතනය වන ඩිමෝ ඇකඩමි ආයතනයෙහි ලියාපදිංචි වන සිසුන්ට කොමර්ෂල් බැංකුවේ ආකර්ෂණීය ණය පහසුකම්වල සහාය ඇතිව මෝටර් රථ තාක්ෂණය, කර්මාන්තශාලා ඉංජිනේරු විද්‍යාව, විදුලි හා ඉලෙක්ට්‍රොනික පද්ධති, මෙකාට්‍රොනික්ස් සහ ස්වයංක්‍රීයකරණය, හයිබි්රඩ් සහ EV තාක්ෂණයන්, කාර්මික LPG සහ HVAC වැනි ක්ෂේත්රවල උසස් අධ්‍යාපන කටයුතු හැදෑරීමට හැකි වේ. සිසුන් හා ඔවුන්ගේ පවුල් මත පැටවෙන මූල්‍ය බර ලිහිල් කරමින්, මෙම අධ්‍යාපනික ණය හරහා පාඨමාලා ගාස්තුවෙන් 75%ක් දක්වා ආවරණය වන ලෙස රුපියල් මිලියන 10ක් දක්වා මූල්‍ය පහසුකම්, වසර දෙකක් දක්වා සහන කාලයක් සහ ලියකියවිලි ගාස්තුවලින් 50%ක අඩු කිරීමක් ද ලබා දෙනු ඇත.
කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්යක්ෂ සහ ප්‍රධාන විධායක නිළධාරී සනත් මනතුංග මහතා සහ ඩිමෝ හි සමූහ කළමනාකාර අධ්යක්ෂ සහ ප්‍රධාන විධායක නිළධාරී ගහනාත් පණ්ඩිතගේ මහතා විසින් ආයතන දෙකෙහි ම ජ්‍යෙෂ්ඨ නියෝජිතයන් ඉදිරියේ දී මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කරන ලදී.
ඩිමෝ ඇකඩමි ආයතනය ශ්‍රී ලංකාවේ ප්රමුඛ පෙලේ පුද්ගලික උසස් අධ්‍යාපන ආයතනයකි. එහි සිසුන්ට නූතන යටිතල පහසුකම්, අති නවීන තාක්ෂණය අත්දැකීමට මෙන් ම ශාස්ත්‍රීය දැනුම සහ සැබෑ ලෝකයේ භාවිතයන් අතර ඇති පරතරය පියවන ප්‍රායෝගික පුහුණුව ද ලබාගත හැකියි. ඩිමෝ ඇකඩමි ආයතනය මගින් කර්මාන්ත අංශය කේන්ද්‍ර කොටගත් අධ්‍යාපනයක් ලබා දෙන අතර ඒ හරහා බිහි කරන්නේ, ආර්ථිකය තුළ ඉක්මනින් වෙනස් වන වඩාත් ම වැදගත් වූ කර්මාන්තයන් තුළ තම විශිෂ්ටත්වය දැක්වීමට සූදානම් වූ උපාධිධාරීන් පිරිසකි.
ඇමරිකානු ඩොලර් බිලියන 1 කට අධික වෙළඳපල ප්‍රාග්ධනීකරණයක් සහිත ශ්‍රී ලංකාවේ පළමු බැංකුව වන කොමර්ෂල් බැංකුව ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු දේශීය බැංකුව මෙන්ම කොළඹ කොටස් වෙළඳපල බැංකු අංශයේ ඉහළම වෙළඳපල ප්‍රාග්ධනකරණයක් ඇති බැංකුව වේ. ශ්‍රී ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත්රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප්රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප්‍රථම බැංකුව ද වේ.
දිවයින පුරා උපායමාර්ගිකව පිහිටා ඇති ශාඛා සහ ස්වයංක්‍රීය යන්ත්‍ර ජාලයක් ක්‍රියාත්මක කරන අතර, බැංකුව බංග්ලාදේශයේ ශාඛා 20 ක්, මාලදිවයිනේ බහුතර කොටස් හිමිකාරිත්වයක් සහිත පූර්ණ මට්ටමේ පළමු පෙළ බැංකුවක්, මියන්මාරයේ ක්ෂුද්‍ර මූල්‍ය සමාගමක් සහ ඩුබායි ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානය (DIFC) තුළ නියෝජිත කාර්යාලයක් සමඟින් ශ්‍රී ලාංකික බැංකු අතර පුළුල්ම ජාත්‍යන්තර පියසටහනක් තබා ඇත. මීට අමතරව බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය දරන CBC ෆිනෑන්ස් ලිමිටඩ් සහ කොමර්ෂල් ඉන්ෂුවරන්ස් බ්‍රෝකර්ස් සමාගම තම ශාඛා ජාල හරහා පුළුල් පරාසයක මූල්‍ය සේවා සපයයි.
සේයාරු සටහන: කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී සනත් මනතුංග මහතා සහ ඩිමෝ හි සමූහ කළමනාකාර අධ්යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී ගහනාත් පණ්ඩිතගේ මහතා සමාගම් දෙකෙහි ජ්‍යෙෂ්ඨ නියෝජිතයන් ඉදිරියේ ගිවිසුම හුවමාරු කර ගැනීම.
Video Story