අර්බුදයට පත්වන මූල්‍ය ආයතන ගොඩගැනීමට ආයතනයක් එයි

    August, 11, 2016

    අර්බුදයට ලක්වන මූල්‍ය ආයතන ප්‍රතිප්‍රාග්ධනීකරණයට සහාය වීම පිණිස හා ඒවායේ අර්බුදයට ලක්වී ඇති වත්කම් භාර ගෙන එම ආයතන ප්‍රතිව්‍යූහගත කිරීමේ අරමුණින් කටයුතු කිරීම සඳහා මූල්‍ය වත්කම් ප්‍රතිව්‍යූහගත කිරීමේ ආයතනයක් පිහිටුවීමට 2016 අයවැය මඟින් යෝජනා කෙරිණි.

    ඒ අනුව, මූල්‍ය සමාගම්වල අර්බුදයට ලක් වූ වත්කම් භාර ගෙන නිරාකරණය කිරීමේ අරමුණින් මූල්‍ය වත්කම් කළමනාකරණය කිරීමේ ආයතනයක් (Financial Assets Management Agency - FAMA) පිහිටුවීමට අපේක්ෂා කෙරේ.

    ඒ සඳහා අවශ්‍ය නීතිමය කාර්යරාමුව සකස් කිරීම ඇතුළු එම ආයතනය පිහිටුවීම සම්බන්ධයෙන් වන ඉදිරි කටයුතු සිදු කිරීම පිණිස මුදල් අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.