August, 11, 2016
ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් ඊයේ (10) දිනයේ දී කැඳවන ලද භාණ්ඩාගර බිල්පත් වෙන්දේසිය සඳහා රුපියල් මිලියන 84,024 ක ලංසු ලැබුණු බව රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව කියා සිටී. මෙහිදී වැඩිදුරටත් රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව සඳහන් කර සිටින්නේ මෙයින් රුපියල් මිලියන 28,190 ක බිල්පත් සඳහා ලැබුණු ලංසු අනුමත කර ඇති බවයි.
ඊයේ වෙන්දේසියේ දී දින 91 හා දින 182 පරිණත කාලවලින් යුතු බිල්පත් සඳහා වන පොළිය පදනම් අංක 2 බැගින් ඉහළ ගොස් තිබෙන අතර දින 364 බිල්පත් පොළිය පදනම් අංක 1 කින් පහළ ගොස් තිබේ.
ඊයේ පැවති බිල්පත් වෙන්දේසිය පිළිබඳ සවිස්තරාත්මක සටහනක් පහත දැක්වේ.