දිට්වා සුළි කුණාටුවෙන් පීඩිත වූවන් නගාසිටුවීමට The Technocity වෙතින් රුපියල් මිලියන 50ක දැවැන්ත සහන ව්‍යාපෘතියක්

    December, 20, 2025

    ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම තොරතුරු තාක්ෂණ බෙදාහරින්නා වන The Technocity, ආපදාවට පත් ප්‍රජාවන්ගේ සහ පාසල් දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කිරීම සඳහා තාක්ෂණය මුල් කරගත් මානුෂීය මෙහෙයුමකට නායකත්වය දෙයි.

    HP, ASUS, MSI, Lenovo, BenQ, Raidmax සහ Kaspersky වැනි ලොව සුප්‍රකට තොරතුරු තාක්ෂණ සන්නාමයන්හි මෙරට බලයලත් ප්‍රධාන බෙදාහරින්නා වන The Technocity (Pvt) Ltd, 'ඩිත්වා' (Ditwah) සුළි කුණාටුවෙන් පීඩාවට පත් වූවන් සහ විනාශ වූ යටිතල පහසුකම් යළි ගොඩනැංවීම වෙනුවෙන් රුපියල් මිලියන 50ක පරිත්‍යාගයක් සිදු කිරීමට පියවර ගෙන තිබේ.

    මෙම සත්කාරය යටතේ රුපියල් මිලියන 20ක මුදල් ආධාර භෞතික යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණය සඳහා වෙන් කෙරෙන අතර, ඉතිරි රුපියල් මිලියන 30ක මුදල නවීන තාක්ෂණික උපකරණ සැපයීම වෙනුවෙන් වෙන් කර ඇත.

    ඒ අනුව, අධ්‍යාපන කටයුතු යථා තත්ත්වයට පත් කිරීම සඳහා Techno View වර්ගයේ අඟල් 65 සහ 86 ප්‍රමාණයේ Interactive AI Smart Board පැනල් 50ක්, ලැප්ටොප් පරිගණක, All-in-one මුද්‍රණ යන්ත්‍ර සහ ඡායා පිටපත් යන්ත්‍ර දැඩි ලෙස පීඩාවට පත් ප්‍රදේශවල පාසල් වෙත ලබා දීමට කටයුතු කෙරේ.

    අග්‍රාමාත්‍ය ( අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය) ගරු ආචාර්ය හරිනි අමරසූරිය මෙනවියගේ කාර්යාලය සමඟ සමීපව සම්බන්ධ වෙමින් ක්‍රියාවට නැංවූ මෙම ව්‍යාපෘතියේ චෙක්පත සහ ආධාර පත්‍රිකාව, පසුගිය දෙසැම්බර් 15 වන දින අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍යතුමිය වෙත නිල වශයෙන් භාර දෙන ලදී. මෙය සිදු කරනු ලැබුවේ The Technocity (Pvt) Ltd සහ Laptop.lk හි සභාපති සහ නිර්මාතෘ ෆැමී ඉස්මයිල් මහතා විසිනි.

    මෙහිදී අදහස් දැක්වූ ෆැමී ඉස්මයිල් මහතා මෙසේ පැවසීය:

    "අසීරු අවස්ථාවන්හිදී මානුෂීයත්වය පෙරදැරිව කටයුතු කිරීම අපගේ වගකීමක්. විශේෂයෙන්ම යටිතල පහසුකම් විනාශ වීමෙන් දරුවන්ගේ අධ්‍යාපනයට ඇති වන බාධාවන් අවම කර, ඔවුන්ට නැවතත් නවීන තාක්ෂණය ඔස්සේ ඉගෙනුම් කටයුතු ඇරඹීමට අවශ්‍ය ශක්තිය ලබා දීමට අප කැපවී සිටිනවා."
    — ෆැමී ඉස්මයිල් මහතා (සභාපති, The Technocity Pvt Ltd)

    මෙම නවීන තාක්ෂණික මෙවලම් හුදෙක් උපකරණ පමණක් නොව, විපතට පත් දරුවන්ගේ අනාගත අධ්‍යාපන අවස්ථා සුරක්ෂිත කරන සහ ඔරොත්තු දීමේ හැකියාව පෙන්නුම් කරන සුවිශේෂී සලකුණක් වනු ඇත. දේශීය ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු ලෙස The Technocity මෙලෙස පෙරමුණ ගැනීම ජාතික සහෝදරත්වය සහ මානුෂීය කැපවීම පිළිබඳ මනා ආදර්ශයකි.

    ඡායාරූපය (වමේ සිට දකුණට):
    සංජුල හෙට්ටිගේ (ඩිජිටල් අලෙවිකරණ ප්‍රධානී), ජසීම් ජුනයිඩීන් (CFO), මින්හාජ් ෆාරුක් (සිල්ලර අංශ ප්‍රධානී), අක්‍රම් බදුර්ඩීන් (CEO), ජී. ප්‍රදීප් සපුතන්ත්‍රි (අග්‍රාමාත්‍ය ලේකම්), ආචාර්ය හරිනි අමරසූරිය (ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය), මොහොමඩ් ෆැමී ඉස්මයිල් (සභාපති The Technocity Pvt Ltd), ගෙහාන් තංගප්පන් (බෙදාහැරීම් කළමනාකරු), මොහොමඩ් කදීර් ඉස්මත් (බෙදාහැරීම් ප්‍රධානී - Gaming), නිස්රාන් සියාත්.

    ශ්‍රී ලාංකිකයන් යනු, විශේෂයෙන්ම තමන් මුහුණ දෙන අඳුරුතම මොහොතකදී වුවද එකිනෙකා නගාසිටුවීමට පෙරමුණ ගන්නා ජාතියකි.