විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය පිළිබඳ සාරාංශය
2025 නොවැම්බර්
- 2025 වසරේ සැප්තැම්බර් සහ ඔක්තෝබර් මාස දෙක තුළ දී අඛණ්ඩ මාසික ජංගම ගිණුමේ හිඟයන් වාර්තා කිරීමෙන් අනතුරුව 2025 වසරේ නොවැම්බර් මාසයේ දී, ජංගම ගිණුම නැවත අතිරික්තයක් වාර්තා කළේය. 2025 වසරේ ජනවාරි-නොවැම්බර් කාලපරිච්ඡේදය තුළ දී ජංගම ගිණුමේ අතිරික්තය එ.ජ. ඩොලර් මිලියන 1,678කි.
- 2025 වසරේ නොවැම්බර් මාසයේ දී වෙළඳ භාණ්ඩ ගිණුමේ හිඟය පසුගිය වසරේ නොවැම්බර් මාසයට සාපේක්ෂව ඉහළ ගියේය. තවද, 2025 වසරේ ජනවාරි-නොවැම්බර් කාලපරිච්ඡේදය තුළ දී වෙළඳ හිඟය පෙර වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව එ.ජ. ඩොලර් බිලියන 9ක් දක්වා පුළුල් විය.
- පෞද්ගලික රථවාහන සහ වාණිජ කටයුතු සඳහා යොදා ගන්නා වාහන ඇතුළුව වාහන ආනයනය සඳහා වූ වියදම 2025 වසරේ නොවැම්බර් මාසය තුළ දී එ.ජ. ඩොලර් මිලියන 281කි. 2025 වසරේ නොවැම්බර් මසින් අවසන් වන මාස එකොළහ සඳහා රථ වාහන ආනයන මුළු වියදම එ.ජ. ඩොලර් මිලියන 1,746ක් විය.
- අපනයන මිල ගණන්වලට සාපේක්ෂව ආනයන මිල ගණන්වල ඉහළ වැඩිවීමක් පිළිබිඹු කරමින්, 2025 වසරේ නොවැම්බර් මාසයේ දී වෙළඳ මිල අනුපාතය වාර්ෂික ලක්ෂ්යමය පදනම මත පහළ ගිය අතර, 2025 වසරේ ජනවාරි - නොවැම්බර් කාලපරිච්ඡේදය තුළ දී වෙළඳ මිල අනුපාතය 2024 වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව සුළු වශයෙන් පහළ ගියේය.
- 2025 වසරේ නොවැම්බර් මාසයේ දී, සේවා ගිණුමේ අතිරික්තය පෙර මාසයට සාපේක්ෂව ඉහළ යෑමක් වාර්තා කළ ද වාර්ෂික ලක්ෂ්යමය පදනමින් සැසඳීමේ දී අඩු වූ අතර ඒ සඳහා සංචාරක ඉපැයීම්, මුහුදු සහ ගුවන් ප්‍රවාහන සේවා සහ අනෙකුත් ප්‍රධාන සේවා ලැබීම් අඩුවීම හේතු විය. කෙසේ වෙතත්, 2025 වසරේ ජනවාරි-නොවැම්බර් කාලපරිච්ඡේදය තුළ දී සේවා ගිණුමේ අතිරික්තය වාර්ෂික ලක්ෂ්යමය පදනම මත වර්ධනයක් වාර්තා කළ අතර එය ආසන්න වශයෙන් එ.ජ. ඩොලර් බිලියන 3.4ක් විය.
- 2025 වසරේ නොවැම්බර් මාසයේ දී සංචාරක පැමිණීම් මාසික ලක්ෂ්යමය සහ වාර්ෂික ලක්ෂ්යමය යන දෙආකාරයෙන්ම ඉහළ යෑමක් වාර්තා කළේය. සංචාරක ඉපැයීම් 2025 වසරේ නොවැම්බර් මාසයේ දී පෙර මාසයට සාපේක්ෂව වර්ධනයක් පෙන්නුම් කළ ද එය 2024 වසරේ නොවැම්බර් මාසයට සාපේක්ෂව සුළු අඩු වීමක් වාර්තා කළේය.
- අඛණ්ඩ ධනාත්මක වර්ධන ප්‍රවණතාවයක් පිළිබිඹු කරමින් විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ 2025 වසරේ නොවැම්බර් මාසයේ දී එ.ජ. ඩොලර් මිලියන 673ක් වූ අතර, එය පෙර වසරේ එම මාසයට වඩා ඉහළ යෑමක් වාර්තා කළේය. සමුච්චිත පදනම මත, 2025 වසරේ නොවැම්බර් මසින් අවසන් වන මාස එකොළහ තුළ දී ප්‍රේෂණ වාර්ෂිකව සියයට 1ක වර්ධනයක් වාර්තා කළ අතර එය ආසන්න වශයෙන් එ.ජ. ඩොලර් බිලියන 7.2ක් විය.
- රාජ්‍ය සුරැකුම්පත් වෙළඳපොළෙහි විදේශීය ආයෝජන 2025 වසරේ නොවැම්බර් මාසය තුළ දී ශුද්ධ ලැබීමක් වාර්තා කරන ලද අතර, ප්‍රාථමික සහ ද්විතීයික වෙළඳපොළ ඇතුළුව කොළඹ කොටස් වෙළඳපොළෙහි විදේශීය ආයෝජන මාසය තුළ දී ශුද්ධ ගෙවීමක් වාර්තා කළේය.
- අඛණ්ඩ විදේශීය ණය සේවා සේවාකරණ ගෙවීම් මධ්‍යයේ වුවද, 2025 වසරේ නොවැම්බර් මාසය අවසන් වන විට, චීන මහජන බැංකුව සමඟ වූ විදේශ විනිමය හුවමාරු පහසුකම ද ඇතුළුව, දළ නිල සංචිත එ.ජ. ඩොලර් බිලියන 6.0ක පමණ මට්ටමක පැවතුණි.
- 2025 වසරේ දී එ.ජ. ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සියයට 6කින් අවප්‍රමාණය විය.