January, 9, 2026
මෙරට කිරි නිෂ්පාදන ආශ්‍රිත ප්‍රමුඛතම සන්නාමය වන අඹේවෙල වෙතින් සිය පාරිභෝගිකයින් වෙනුවෙන් හඳුන්වා දුන් ‘Scan & Win Big’ ප්‍රවර්ධන වැඩසටහන සාර්ථකව නිම කරමින්, එහි ජයග්‍රාහකයින් 10 දෙනෙකු වෙත සුවිශේෂී සුඛෝපභෝගී නිවාඩු පැකේජ පිරිනමනු ලැබීය. එදිනෙදා පෝෂණයට අමතරව සිය පාරිභෝගිකයින් වෙත ඉහළම මට්ටමේ අත්දැකීමක් ලබා දීම වෙනුවෙන් අඹේවෙල සන්නාමය දක්වන කැපවීම මෙමගින් මැනවින් පිළිබිඹු වේ.
අඹේවෙල කෙරෙහි පාරිභෝගිකයන් තබා ඇති විශ්වාසය ඇගයීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ විය. ඒ අනුව, අඹේවෙල Fresh Milk හෝ Non-Fat Milk, 1L ඇසුරුමක් මිලදී ගත් පාරිභෝගිකයින්ට මෙම තරඟය සඳහා සහභාගීවීමට අවස්ථාව හිමි විය. සති 10ක් පුරා ක්‍රියාත්මක වූ මෙම වැඩසටහන මඟින් සෑම සතියකම එක් ජයග්‍රාහකයෙකු බැගින් තෝරා ගනු ලැබීය.
ඩිජිටල් තාක්ෂණය මුල් කරගත් මෙම වැඩසටහනට සහභාගීවීම ඉතා පහසු විය. ඇසුරුමෙහි මුද්‍රණය කර තිබූ QR කේතය ස්කෑන් කර, අදාළ තොරතුරු සහ මිලදී ගත් රිසිට්පතේ ඡායාරූපයක් ඉදිරිපත් කර අඹේවෙල නිල ෆේස්බුක් පිටුව සමඟ සම්බන්ධ වීමයි. වැඩි වැඩියෙන් නිෂ්පාදන මිලදී ගැනීම හරහා ජයග්‍රහණය කිරීමේ අවස්ථාවද වැඩි වූ අතර, මෙය පාරිභෝගිකයන් අතර ඉහළ උද්යෝගයක් ඇති කිරීමට සමත් විය.
මෙම අතිසුඛෝපභෝගී නිවාඩු අත්දැකීම හිමිකරගත් වාසනාවන්ත ජයග්‍රාහකයින් 10 දෙනා වන්නේ, නෙළුම් වික්‍රමතුංග, අතුල අබේසුන්දර, රිබනි ජුමත්, තුරේෂා කොතලාවල, දීපා සරෝජනී, විශාඛා විජේතුංග, අමිලා චතුරංගි, ලක්ලි වතුගල, ශලිනී බුලුගහපිටිය සහ ටානියා ප්‍රනාන්දු යන අයයි.
මෙම ජයග්‍රාහකයින්ට මෙරට ප්‍රමුඛ පෙළේ හෝටල් ජාලයක් වන හෙරිටන්ස් කන්ඩලම, හෙරිටන්ස් ටී ෆැක්ටරි හෝ හෙරිටන්ස් අහුන්ගල්ල යන හෝටල්වල පූර්ණ නවාතැන් පහසුකම් (Full-board) සහිත දින දෙකක නිවාඩුවක් හිමිවනවා. මෙම නවාතැන් සඳහා සුඛෝපභෝගී (Suite) කාමර, බට්ලර් සේවාව, ඉටිපන්දම් එළියෙන් ආලෝකවත් වූ සුවිශේෂී රාත්‍රී භෝජන සංග්‍රහයන් සහ තවත් වරප්‍රසාද රැසක් ඇතුළත් වේ.
මීට අමතරව, එක් එක් හෝටලයට අනන්‍ය වූ සුවිශේෂී චාරිකා කිහිපයක් ද මෙයට එක් කර තිබෙනවා. හෙරිටන්ස් කණ්ඩලම හීදී මින්නේරිය ජාතික උද්‍යානයේ වනජීවී සෆාරි චාරිකාවක් හිමිවන අතර හෙරිටන්ස් ටී ෆැක්ටරිහී ජයග්‍රාහකයින්ට ශ්‍රී ලංකාවේ වඩාත්ම දියුණු කිරි ගොවිපළ වන අඹේවෙල ගොවිපළෙහි චාරිකාවකට සහභාගීවීමට සහ සුවිශේෂී චීස් රස අත්විඳීමට මෙන්ම ඓතිහාසික තේ කර්මාන්තශාලාවකටද පිවිසීමට අවස්ථාව හිමිවේ. හෙරිටන්ස් අහුන්ගල්ලහීදී ජයග්‍රාහකයින්ට මාදු ගඟේ කඩොලාන අතරින් දර්ශනීය සහ සිත් ඇදගන්න බෝට්ටු සවාරියක අත්දැකීම ලබා ගත හැක.
සාම්ප්‍රදායික ත්‍යාග පිරිනැමීමෙන් ඔබ්බට ගොස්, සිය සන්නාමයේ ගුණාත්මකභාවය සහ විශිෂ්ටත්වය නිරූපණය වන අයුරින් මෙවැනි අත්දැකීමක් ලබා දීමට කටයුතු කිරීම විශේෂත්වයක්. මෙම ප්‍රවර්ධන වැඩසටහන Keells, Cargills Food City, Glomark, Arpico, SPAR සහ LAUGFS යන සුපිරි වෙළඳසැල් ජාලයන් හරහා පමණක් ක්‍රියාත්මක වූ අතර, එමඟින් පාරිභෝගික විශ්වාසය තවදුරටත් ශක්තිමත් කිරීමට හැකි විය.
දැනටමත් ජයග්‍රාහකයින් පස් දෙනෙකු සිය අමතක නොවන නිවාඩුව නිම කර ඇති අතර, ඉතිරි පස් දෙනා ඉදිරි සතිවලදී සිය සංචාරයන් ආරම්භ කිරීමට නියමිතය.
"Scan & Win Big" වැඩසටහනේ සාර්ථකත්වය පිළිබඳව අදහස් දක්වමින් අඹේවෙල සමාගම සඳහන් කළේ, මෙය ආරම්භයක් පමණක් බවයි. ඉදිරියේදී ද සිය විශ්වාසවන්ත පාරිභෝගිකයන් වෙනුවෙන් මෙවැනිම සුවිශේෂී වරප්‍රසාද සහ දීමනා රැසක් හඳුන්වා දීමට අඹේවෙල සූදානමින් සිටී. ඉදිරි තොරතුරු සඳහා අඹේවෙල සමාජ මාධ්‍ය පිටු සමඟ රැඳී සිටින ලෙස සියලුම පාරිභෝගිකයන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.
Video Story