January, 14, 2026
JXG (ජනශක්ති සමූහය) ට අනුබද්ධ පුරෝගාමී පූර්ණ සේවා ආයෝජන සමාගමක් වන First Capital Holdings PLC ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ට ආයෝජනයේ මූලික සංකල්ප හා සිද්ධාන්ත හඳුන්වා දීම සඳහා Invest-ED නමින් විශේෂ මූල්‍ය සාක්ෂරතා වැඩසටහනක් ආරම්භ කර තිබේ. 2024 වසරේදී ආරම්භ වූ මෙම වැඩසටහන, මූල්‍යමය වශයෙන් සවිබල ගැන්වුණු දේශයක් ගොඩනැංවීම සඳහා සමාගම දරන උත්සාහයේ වැදගත් ඉදිරි පියවරකි.
අධ්‍යාපනය සහ ප්‍රායෝගික මූල්‍ය තීරණ අතර පරතරය පියවීම යන මූලික අරමුණ පදනම් කරගෙන Invest-ED වැඩසටහන සැලසුම් කර ඇත. මේ යටතේ රටේ අනාගත පරපුරට සිය පෞද්ගලික ඉලක්ක, අවදානම් රුචිකත්වය සහ මූල්‍ය තත්වය අනුව ආයෝජනය කළ යුත්තේ ඇයි, කොතැනද සහ කෙසේද යන මූලික කාරණා පිළිබඳ දැනුම ලබාදෙනු ලැබේ. මෙම දැනුම ඔවුන්ට මූල්‍ය ස්වාධීනත්වය ළඟා කරගැනීමට මහෝපකාරී වන සාධකයකි.
මූල්‍ය නිදහස ආරම්භ වන්නේ දැනුවත් තීරණ තුළින්ය යන්න Invest-ED වැඩසටහනට පදනම් වී ඇති මූලිකම අදහසයි. මෙමඟින් ආයෝජනයේ මූලිකාංග පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබාදෙන අතර, අවදානම් දැරීමට රුචිකත්වයක් දක්වන පුද්ගලයන්, දීර්ඝකාලීනව සැලසුම් කරන්නන් සහ කෙටිකාලීන අවස්ථා හඹා යන්නන් ආදී වශයෙන් විවිධ ආයෝජක චරිත ලක්ෂණවලට ගැළපෙන ආකාරයට ආයෝජනය කරමින් ධනය ගොඩනංවා ගැනීමේ ක්‍රියාවලියට දායක වීම සඳහා ශිෂ්‍ය ශිෂ්‍යාවන් දිරිගන්වනු ලැබේ,
විශ්වවිද්‍යාල තුළ පවත්වනු ලබන, පැයක කාලයක් පුරා දිවෙන අන්තර්ක්‍රියාකාරී සැසි වශයෙන් Invest-ED වැඩසටහන පවත්වනු ලබයි. මෙම සැසි මෙහෙයවනු ලබන්නේ First Capital අරමුදල් කළමනාකරුවන්, කොටස් වෙළෙඳපොළ විශේෂඥයින් සහ පර්යේෂණ විශ්ලේෂකයින් ඇතුළුව ක්ෂේත්‍රයට සම්බන්ධ ප්‍රවීණ වෘත්තිකයන් විසිනි. ඔවුහු සිසුන් සමඟ සෘජුවම සම්බන්ධ වී, ඔවුන්ගේ රුචිකත්වයන්, අභිලාෂයන් සහ ගැටලු අවබෝධ කරගෙන ඔවුන්ට දැනුම ලබාදීම සිදුකරති. එහිදී ඔවුන් විසින් විශ්ව විද්‍යාල සිසුන්ට වඩාත් සමීප භාෂා රටාවක් සමඟ ප්‍රායෝගික නිදර්ශන භාවිතා කරමින්, සංකීර්ණ ආයෝජන සංකල්ප සරල ලෙස ඉදිරිපත් කරමින්, නිසි දැනුම සහිතව නිසි කලට ආයෝජනය කිරීම තුළින් දීර්ඝකාලීන මූල්‍ය ප්‍රතිඵල ළඟා කරගත ආකාරය සිසුන්ට පෙන්වා දෙනු ලැබේ.
2024 වසරේදී දියත් කරන ලද Invest-ED වැඩසටහන මේ වන විට SLIIT, කැලණිය විශ්ව විද්‍යාලය, යාපනය විශ්ව විද්‍යාලය සහ කොළඹ විශ්ව විද්‍යාලය ඇතුළු විශ්ව විද්‍යාල කිහිපයකදී සාර්ථක ලෙස පවත්වා ඇත. මේ යටතේ 2025 වසර තුළදී දැනුවත් කරන ලද ශිෂ්‍ය ශිෂ්‍යාවන් සංඛ්‍යාව 1,000 කට අධිකය.
ඉදිරියේදී මෙම වැඩසටහනේ ආවරණ පරාසය දීපව්‍යාප්ත මට්ටමින් පුළුල් කිරීම සඳහා විශ්ව විද්‍යාල සමඟ පවතින හවුල්කාරීත්වයන් තවදුරටත් ශක්තිමත් කරගැනීමටත්, සමාගම් හා ආයතන සමඟ නව හවුල්කාරීත්වයන් ගොඩනංවා ගැනීමටත් First Capital සමාගම බලාපොරොත්තු වෙයි. මෙම උත්සාහයන් තුළින් ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන්ගේ මූල්‍ය සාක්ෂරතාව තවදුරටත් ඉහළ නංවමින්, දැනුවත්ව සහ ආත්ම විශ්වාසයෙන් යුතුව ආයෝජනය කරන පරපුරක් බිහිකිරීමට සමාගමට හැකි වනු ඇත.
Invest-ED වැනි වැඩසටහන් හරහා තරුණ පරපුර දැනුවත් කිරීම සහ ඔවුන්ගේ කුසලතා වැඩිදියුණු කිරීම ඔස්සේ ඔවුන්ගේ දීර්ඝකාලීන මූල්‍ය යහපැවැත්ම තහවුරු කරමින්, මූල්‍ය විසඳුම් හරහා ජීවිත වැඩිදියුණු කිරීමේ මෙහෙවර වෙනුවෙන් අඛණ්ඩව කැපවීම First Capital සමාගමේ අරමුණ වී තිබේ.
Invest-ED වැඩසටහන තම විශ්ව විද්‍යාලය/උසස් අධ්‍යාපන ආයතනය තුළ පැවැත්වීමට බලාපොරොත්තු වන විශ්ව විද්‍යාල සිසුන්, කථිකාචාර්යවරුන්, උපදේශකවරුන් සහ සමාගම්/ආයතන නියෝජිතයන් ඇතුළු ඕනෑම පාර්ශ්වයකට +94 11 2 651 651 හෝ info@firstcapital.lk ඔස්සේ තමන් සමඟ සම්බන්ධ වී හවුල්කාරීත්ව අවස්ථා පිළිබඳව සාකච්ඡා කරන මෙන් First Capital සමාගම ආරාධනය කර සිටී.

Invest-ED සැසියකට සහභාගී වූ විශ්ව විද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන් පිරිසක්
ඡායාරූප විස්තරය : First Capital Asset Management Limited හි අරමුදල් කළමනාකාරිනී සද්මා උමගිලිය Invest-ED මූල්‍ය සාක්ෂරතා සැසියක් පවත්වමින්
Video Story