NDB බැංකුව කැන්ඩි සිටි සෙන්ටර් හිදී Splash Shopping Fiesta 2025 වෙළඳ ප‍්‍රදර්ශණය නව මුහුණුවරකින් පවත්වන ලදී

    January, 14, 2026

    NDB බැංකුව, මහනුවර කැන්ඩි සිටි සෙන්ටර් සාප්පු සංකීර්ණයේ පැවති Splash Shopping Fiesta 2025 වෙළඳ ප‍්‍රදර්ශණයේ නිල බැංකු සහකරු ලෙස මෙවරත් සම්බන්ධ වීම පිළිබඳව ආඩම්බරයෙන් යුතුව නිවේදනය කර සිටියි. දෙසැම්බර් මස 24 වන දින සිට 28 වන දින දක්වා මෙම වෙළඳ ප‍්‍රදර්ශණය පැවැත්විණි. මෙම ප‍්‍රදර්ශණයේදී වෙළඳාම, විනෝදාස්වාදය සහ උත්සව ප‍්‍රීතියේ ආකර්ෂණීය මිශ‍්‍රණයක් එක් කළ අතර, වසර අවසාන උත්සව සමයේදී මධ්‍යම පළාතේ ගනුදෙනුකරුවන්ට විචිත‍්‍රවත් සාප්පු සවාරි අත්දැකීමක් නිර්මාණය කළේය.

    නිල බැංකු සහකරු ලෙස, NDB බැංකුව වෙලඳසැල් හිමියන්ට සුවිශේෂී බැංකු වරප‍්‍රසාද ලබා දෙමින් සාප්පු අත්දැකීම තවත් වැඩිදියුණු කිරීම සඳහා ප‍්‍රධාන කාර්යභාරයක් ඉටු කළේය. Splash වෙළඳ ප‍්‍රදර්ශණය සඳහා සහභාගී වූ NDB කාඞ්පත් හිමියන්ට 20% දක්වා වට්ටම් භුක්ති විඳීමට හැකි වූ අතර, ඔවුන්ගේ උත්සව සාප්පු සවාරි සඳහා වැඩි වටිනාකමක් සහ පහසුවක් එක් කළ අතර, තම ගනුදෙනුකරුවන්ට ජීවන රටාව මත පදනම් වූ ප‍්‍රතිලාභ ලබා දීම සඳහා NDB බැංකුවේ ඇති කැපවීම තවදුරටත් තහවුරු කළේය.

    මෙම අවස්ථාව පිළිබඳව අදහස් දක්වමින් NDB බැංකුවේ සහකාර උප සභාපති, කාඩ්පත් මධ්‍යස්ථානයේ ප‍්‍රධානී අශාන් වික‍්‍රමනායක මහතා, මෙවැනි හවුල්කාරිත්වයන්හි ඇති වැදගත්කම පිළිබඳ තම අදහස් බෙදා ගත් අතර, Splash Shopping Fiesta 2025 බැංකුවට විවිධ ආකාරයේ ගනුදෙනුකරුවන් රැසක සහභාගීත්වය සමඟ සම්බන්ධ වීමට කදිම වේදිකාවක් සපයන බව සඳහන් කළේය. මෙවැනි මුලපිරීම් මඟින් සාම්ප‍්‍රදායික බැංකුකරණ සම්බන්ධතා වලින් ඔබ්බට ගොස් ගනුදෙනුකරුවන් වඩාත්ම වැදගත් අවස්ථාවන්හිදී ඔවුන් සමඟ සම්බන්ධ වීමට NDB බැංකුව හට ඉඩ සලසන බව ද ඔහු අවධාරණය කළේය.

    උත්සවයට විශේෂ උත්සව අවස්ථාවක් එක් කරමින් NDB බැංකුව සිය ජනප‍්‍රිය සැන්ටා වැඩසටහන Splash Shopping Fiesta 2025 වෙළඳ ප‍්‍රදර්ශණය දක්වා ද ව්‍යාප්ත කළේය. මෙම මුලපිරීමට සමගාමීව, මහනුවර කලාපයේ NDB බැංකුවේ සැන්ටා ප‍්‍රවර්ධන සඳහා මුදල් තැන්පත් කළ ගනුදෙනුකරුවන්ට ප‍්‍රදර්ශණ අවස්ථාවට සහභාගී වීමට ආරාධනා කරන ලදී. එහිදී නත්තල් සීයා විසින් පෞද්ගලිකව ඔවුන්ගේ තෑගි බෙදා දුන් අතර, මෙම සුවිශේෂී සැමරුම් මධ්‍යයේ දරුවන්ට සහ පවුල් වලට ප‍්‍රීතිමත් සහ අමතක නොවන අවස්ථාවන් නිර්මාණය කළේය.

    මහනුවර නගර මධ්‍යයේ පිහිටි ප‍්‍රමුඛතම සාප්පු සවාරි ගමනාන්තයක් වන කැන්ඩි සිටි සෙන්ටර් හිදී පැවති Splash Shopping Fiesta 2025 , බොහෝ දෙනා අපේක්ෂා කළ වාර්ෂිකව පවත්වන උත්සවයක් ලෙස එහි කීර්ති නාමයට අනුකූලව නැවත වරක් ක‍්‍රියාත්මක විය. උත්සව සමයේදී ආර්ථික ක‍්‍රියාකාරකම් ප‍්‍රවර්ධනය කරන, පාරිභෝගික සබඳතා ශක්තිමත් කරන සහ එකමුතුකමේ ප‍්‍රීතිය සමරන ප‍්‍රජාව මූලික කරගෙන සිදුකරන වැඩසටහන් සඳහා සහාය වීම සඳහා NDB බැංකුවේ ඇති අඛණ්ඩ කැපවීම මෙම සහභාගීත්වයෙන් පිළිබිඹු විය.

    Splash Shopping Fiesta 2025 වැනි හවුල්කාරිත්වයන් හරහා, NDB බැංකුව පාරිභෝගික කේන්ද‍්‍රීය මූල්‍ය හවුල්කරුවෙකු ලෙස අඛණ්ඩව ස්ථානගත වෙමින්, ජීවන රටා අත්දැකීම් සමඟ බැංකු විසඳුම් බාධාවකින් තොරව ඒකාබද්ධ කරමින්, තමන් සේවය කරන ප‍්‍රජාවන් සමඟ ගැඹුරු සම්බන්ධතා වර්ධනය කරයි.

    NDB බැංකුව ශ‍්‍රී ලංකාවේ සිව්වන විශාලතම පෞද්ගලික වාණිජ බැංකුවයි. 2025 Euromoney විශිෂ්ටතා සම්මාන උළෙලේදී ශ‍්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා හොඳම ඩිජිටල් බැංකුව ලෙස NDB බැංකුව නම් කරන ලද අතර 2025 Asian Banking & Finance Retail Banking සම්මාන උළෙලේදී ශ‍්‍රී ලංකාවේ වසරේ දේශීය පෞද්ගලික බැංකුව සහ වසරේ Islamic Banking Initiative සම්මානයෙන්ද පිදුම් ලැබීය. ප‍්‍රාග්ධන වෙළඳපොළ අනුබද්ධ සමාගම් වලින් සමන්විත NDB සමූහයේ මව් සමාගම NDB බැංකුව වන අතර, එම සමාගම් එක්ව අද්විතීය බැංකුකරණ සහ ප‍්‍රාග්ධන වෙළඳපොළ සේවා සමූහයක් සාදයි. ඩිජිටල් බැංකුකරණ විසඳුම් මඟින් බල ගැන්වෙන අර්ථවත් මූල්‍ය සහ උපදේශන සේවා හරහා ජාතිය සහ එහි ජනතාව සවිබල ගැන්වීමට බැංකුව කැපවී සිටී.