January, 22, 2026
NDB බැංකුව පසුගිය දා තායිවානයේ කාඕසියුං හි පැවති කීර්තිමත් Asia Pacific ICT Alliance (APICTA) සම්මාන උළෙල 2025 හිදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එයට සහභාගී විය. NDB බැංකුවේ TradeLinc 2.0 සහ Secure360 2.0 යන සම්මානලාභී තොරතුරු තාක්ෂණ නිර්මාණ දෙවර්ගය මෙම සම්මාන උළෙලේදී නිර්දේශිත නාම අතරට එකතු විය. 2025 National Best Quality Software Awards සම්මාන උළෙලේදී (NBQSA) බැංකුවේ මෙම නවතම නිර්මාණ දෙවර්ගය ඉහළම ගෞරවය හිමිකරගත් අතර, නවීන තාක්ෂණය මත පදනම් වූ බැංකුකරණ නවෝත්පාදන අංශයේ ඉදිරියෙන්ම සිටිමින් NDB බැංකුව ඔවුන්ගේ කැපවීම තහවුරු කළේය.
APICTA 2025 ආසියානු-පැසිෆික් කලාපය පුරා වඩාත්ම දියුණු තාක්ෂණික විසඳුම් රාශියක් එක් ස්ථානයකට රැගෙන එන සම්මාන උළෙලක් ලෙස, ආර්ථිකයන් 12ක් නියෝජනය කරමින් කණ්ඩායම් 205 ක් සහ නාමයෝජනා 256 ක් මෙහිදී ඉදිරිපත් වීය. මෙම දැඩි තරඟකාරී පසුබිම මධ්‍යයේ පවා, NDB බැංකුව මෙම සම්මාන උළෙල සඳහා සහභාගී වීම ශ්‍රී ලංකාවේ ඩිජිටල් හැකියාවන්හි වර්ධනය සහ කලාපීය සහ ගෝලීය ආයතන සමඟ උරෙන් උර ගැටෙමින් නවීන විසඳුම් සංවර්ධනය කිරීමට බැංකුවට ඇති හැකියාව අවධාරණය කළේය.
NDB බැංකුව මෙම සම්මාන උළෙල සඳහා කළ ප්‍රධාන ඉදිරිපත් කිරීම වූයේ බැංකුවේ ප්‍රමුඛතම ඩිජිටල් සැපයුම් දාම මූල්‍යකරණ වේදිකාව වන TradeLinc 2.0 වන අතර එය ව්‍යාපාර වලට කාරක ප්රාග්ධනය සපයා ගැනීම පිළිබඳව තිබූ බාධාවන් අවම කිරීම කෙරෙහි අවධානය යොමු කර ඇත. කාර්යක්ෂමතාව, විනිවිදභාවය සහ ව්‍යාපාරය වර්ධනය කිරීම කෙරෙහි දැඩි අවධානයක් යොමු කරමින් ගොඩනගා ඇති TradeLinc 2.0, කඩදාසි භාවිතාවෙන් තොර, සම්පූර්ණයෙන්ම ඩිජිටල් පරිවර්ථනයක් සමඟින්, ආරම්භයේ සිට අවසානය දක්වා සපිරි පද්ධතියක් ප්‍රතිස්ථාපනය කිරීමෙන් වෙළඳ මූල්‍යකරණයේ දිගුකාලීන අභියෝග සඳහා විසඳුම් ලබාදී ඇත. වේගවත් ලියාපදිංචිය, එසැනින් තොරතුරු දැනගැනීමේ හැකියාව සහ ගැනුම්කරුවන්, සැපයුම්කරුවන් සහ මූල්‍යකරුවන් අතර බාධාවකින් තොරව සම්බන්දතාවය සක්‍රීය කිරීමෙන්, කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සහ මහා පරිමාණ ආයතනික ව්‍යාපාර සවිබල ගැන්වීම සඳහා මෙම වේදිකාව ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරයි.
මෙයට සමගාමීව NDB බැංකුවේ දියුණු, AI තාක්ෂණය මඟින් බලගැන්වූ ආරක්ෂක වේදිකාව වන Secure360 2.0 නිර්මාණය කර ඇත. බැංකුවේ ඩිජිටල් යටිතල පහසුකම් කල්තියා ආරක්ෂා කිරීම සඳහා නිර්මාණය කර ඇති Secure360 2.0, සයිබර් තර්ජන ඇති වීමට පෙර හඳුනා ගැනීමට, විශ්ලේෂණය කිරීමට සහ ඒවා අවම කිරීමට කෘතිම බුද්ධිය සහ යන්ත්‍ර ඉගෙනීම භාවිතා කරයි. සයිබර් අවදානම් උත්සන්න වන යුගයක, දත්ත ආරක්ෂාව, අඛණ්ඩ මෙහෙයුම් ක්‍රියාවලිය සහ පාරිභෝගික විශ්වාසය කෙරෙහි ප්‍රමුඛත්වය දෙමින් ඔරොත්තු දීමේ හැකියාව සහිතව, අනාගතයට සූදානම් බැංකුකරණය සඳහා NDB බැංකුවේ කැපවීම මෙම වේදිකාව හරහා පිළිබිඹු කරයි.
APICTA 2025 සම්මාන උළෙල සඳහා මෙම විසඳුම් දෙක ඉදිරිපත් කිරීම මඟින්, NDB බැංකුවේ ඩිජිටල් නවෝත්පාදනයන් දේශීය වෙළඳපොළට හඳුන්වාදීමට අමතරව, ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව තරඟකාරී බව ද තහවුරු කිරීමකි. කලාපය පුරා ව්‍යාපාර සහ මූල්‍ය ආයතන මුහුණ දෙන සැබෑ ලෝකයේ අභියෝග වලට ප්‍රතිචාර දක්වන පරිමාණය කළ හැකි, බුද්ධිමත් විසඳුම් ගොඩනැගීම කෙරෙහි බැංකුවේ උපායමාර්ගික අවධානය ද ඉස්මතු කරයි.
APICTA 2025 සම්මාන උළෙල සඳහා NDB බැංකුව නියෝජනය කළේ මෙම නවෝත්පාදනයන් පිටුපස ඇති සාමූහික කණ්ඩායම් උත්සාහයක ජයග්රයණයයි. එම කණ්ඩායමට තොරතුරු තාක්ෂණ ආරක්ෂාව සහ ජාලකරණය පිළිබඳ ජ්‍යෙෂ්ඨ කළමනාකරු සම්පත් කඩුපිටියගේ, සැපයුම්දාම මූල්‍ය පිළිබඳ ප්‍රධාන කළමනාකරු රුක්මාල් ධර්මදාස, මෘදුකාංග සංවර්ධන නියෝජ්‍ය කළමනාකරු රොෂාන් කාලිංග, තොරතුරු තාක්ෂණ ආරක්ෂාව පිළිබඳ කනිෂ්ඨ විධායක පසිඳු බණ්ඩාර, ආරක්ෂක මෙහෙයුම් මධ්‍යස්ථානයේ කළමනාකරු ඉසුරු රාජගුරු, සහ මෘදුකාංග සංවර්ධන සහකාර කළමනාකරු එම්.කේ. ශ්‍යාමල් ඉන්දික ඇතුළත් විය. ඔවුන්ගේ සහභාගීත්වය බැංකුව තුළ දිනෙන් දින වර්ධනය වන ආයතනල සේවකයන්ගේ වෘත්තීය විශේෂඥතාවය සහ නවෝත්පාදන සඳහා කැපවන ආයතනික පරිසරය පිළිබඳව අවධාරණය කරයි.
NBQSA සම්මාන උළෙලේදී හිමිකරගත් ජාතික මට්ටමේ ඇගයීමේ සිට APICTA සම්මාන උළෙලේ කලාපීය නියෝජනය දක්වා NDB බැංකුවේ ගමන් මඟ, වර්ධනය, ඔරොත්තු දීමේ හැකියාව සහ තරඟකාරිත්වය සඳහා උපායමාර්ගික අවශ්‍යතාවයක් ලෙස තාක්ෂණය සඳහා ඒ වෙනුවෙන් තිරසාර ආයෝජනය පෙන්නුම් කරයි. ගෝලීය හොඳම භාවිතයන් සමඟ පෙළගැසෙන අතරම, විකාශනය වන පාරිභෝගික අවශ්‍යතා සපුරාලන දේශීය විසඳුම් සංවර්ධනය කිරීමෙන්, බැංකුව ශ්‍රී ලංකාවේ ඩිජිටල් දියුණුවට අර්ථවත් ලෙස දායක වෙමින් සිටී.
NDB බැංකුව සාර්ථකත්වය කරා යන ගමන්මෙඟ් දී, වඩාත් බුද්ධිමත්, ආරක්ෂිත සහ වඩාත් අන්තර්ගත මූල්‍ය විසඳුම් ලබා දීම සඳහා තාක්ෂණය උපයෝගී කර ගැනීමට කැපවී සිටින අතර, ශ්‍රී ලාංකේය නවෝත්පාදන වලට ගෝලීය වේදිකාවේ සාර්ථක ස්ථානයක් ලබා ගත හැකි බව මෙමඟින් පෙන්නුම් කරයි.
NDB බැංකුව ශ්‍රී ලංකාවේ සිව්වන විශාලතම පෞද්ගලික වාණිජ බැංකුවයි. 2025 Euromoney විශිෂ්ටතා සම්මාන උළෙලේදී ශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා හොඳම ඩිජිටල් බැංකුව ලෙස NDB බැංකුව නම් කරන ලද අතර 2024 Asian Banking and Finance සඟරාව (සිංගප්පූරුව) සම්මාන උළෙලේදී වසරේ ශ්‍රී ලංකාවේ හොඳම පෞද්ගලික බැංකුකරණය සහ වසරේ ශ්‍රී ලංකා දේශීය ව්‍යාපෘති මූල්‍ය බැංකුව ලෙස සම්මානයට පාත්‍ර විය. ප්‍රාග්ධන වෙළඳපොළ අනුබද්ධ සමාගම් වලින් සමන්විත NDB සමූහයේ මව් සමාගම NDB බැංකුව වන අතර, එම සමාගම් එක්ව අද්විතීය බැංකුකරණ සහ ප්‍රාග්ධන වෙළඳපොළ සේවා සමූහයක් සාදයි. ඩිජිටල් බැංකුකරණ විසඳුම් මඟින් බල ගැන්වෙන අර්ථවත් මූල්‍ය සහ උපදේශන සේවා හරහා ජාතිය සහ එහි ජනතාව සවිබල ගැන්වීමට බැංකුව කැපවී සිටී.
Video Story