හිටපු මුදල් ලේකම් මහින්ද සිරිවර්ධන හා ජනපති අනුර අතර හමුවක්

    January, 23, 2026

    හිටපු භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන මහතා ඊයේ (22) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වී තිබේ.

    X සටහනක් තබමින් මහින්ද සිරිවර්ධන මහතා පවසන්නේ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ඵලදායී සාකච්ඡාවක නිරත වීමට හැකි වූ බවයි. එහිදී ශ්‍රී ලංකා ආර්ථිකයේ ඔරොත්තු දීමේ හැකියාව සහ තිරසාර වර්ධනය ශක්තිමත් කිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුවේ සහාය ඇතුළුව අභියෝග, අවස්ථා සහ ඉදිරි මාර්ග පිළිබඳව අදහස් හුවමාරු කර ගත් බව ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.