January, 26, 2026
කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල මිශ්‍ර හැසිරීමක් අද (26) දිනයේ දී දක්නට ලැබුණි.
එහිදී සියලු කොටස් මිල දර්ශකය (ASPI) ඒකක 3.42ක පහළ යාමක් වාර්තා කළ අතර S&P SL20 දර්ශකය ඒකක 13.62කින් ඉහළ ගියේය.
අද දින මුල් භාගය තුළ දී ඒකක 24,000 සීමාව ඉක්මවා යාමට කිහිප වතාවක්ම සියලු කොටස් මිල දර්ශකය සමත් වුවද දෙවන භාගය වන විට එහි ක්‍රමික පහළ යාමක් නිරීක්ෂණය විය.
ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 23,953.09ක් ලෙසින් සටහන් වූ අතර S&P SL20 දර්ශකය ඒකක 6,663.12 ක් ලෙසින් වාර්තා විය.
අද දින ගනුදෙනු පිරිවැටුම රු. බිලියන 5.49 කි.

Video Story