රේගුව සිය ජනවාරි මස ආදායම් ඉලක්කය දින 22කින් සම්පූර්ණ කරයි

    January, 27, 2026

    ශ්‍රී ලංකා රේගුව 2026 ජනවාරි මාසයේ සිය ආදායම් ඉලක්කය වූ රුපියල් බිලියන 160.2ක ඉලක්කය දින 22ක් තුළ රැස් කර සම්පූර්ණ කිරීමට සමත්ව තිබේ.

    ඒ 2026 ජනවාරි 22 වන විට රුපියල් බිලියන 175.4ක ආදායමක් රැස් කරමිනි.

    ශ්‍රී ලංකා රේගුව විසින් 2025 ජනවාරි මාසය තුළ රැස්කළ ආදායම වාර්තා වූයේ රුපියල් බිලියන 142.6ක් ලෙසයි.