January, 27, 2026
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නාමයක් වන බජාජ් විසින් 2025 වසර සඳහා වන කීර්තිමත් "Superbrands Sri Lanka" සම්මානය දිනා ගැනීමට සමත් වී තිබේ. මේ හරහා මෙරට වෙළඳපොළ තුළ බජාජ් සන්නාමය සතුව පවතින නොසැලෙන ශක්තිය, වෙළඳපොළ නායකත්වය සහ දශක ගණනාවක් පුරා ශ්‍රී ලාංකික ජනතාව තැබූ විශ්වාසය යළි යළිත් තහවුරු කරනු ලබයි.
Superbrands යනු සන්නාමයක විශිෂ්ට ක්‍රියාකාරිත්වය, ගුණාත්මකභාවය සහ පාරිභෝගික විශ්වාසය ඇගයීමට ලක් කරන ගෝලීය වශයෙන් පිළිගත් සම්මාන උළෙලකි. මෙම ගෞරව සම්මානය හිමිකර ගැනීමත් සමඟම බජාජ් සන්නාමය සිය ක්ෂේත්‍රයේ විශිෂ්ටත්වය පෙන්නුම් කළ ප්‍රභූ සන්නාම අතරට එක් වී ඇත.
ශ්‍රී ලංකාව තුළ බජාජ් යතුරුපැදි සහ ත්‍රිරෝද රථ සඳහා දශක හතරකට වැඩි කාලයක් මුළුල්ලේ බෙදාහැරීම් කටයුතු සිදු කරනු ලබන්නේ ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි (ප්‍රයිවට්) ලිමිටඩ් විසිනි. දිවයින පුරා විහිදුණු විකුණුම්, අමතර කොටස් සහ සේවා මධ්‍යස්ථාන 2,000කට අධික ජාලයක් හරහා පාරිභෝගිකයින්ට අසමසම සේවාවක් සැපයීමට ඔවුන් කටයුතු කරනු ලබයි.
මෙම ජයග්‍රහණය පිළිබඳව අදහස් දක්වමින් ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි (ප්‍රයිවට්) ලිමිටඩ් ප්‍රධාන අලෙවි නිළධාරී - වාහන විකුණුම් ලක්මාල් ද සිල්වා මහතා මෙසේ පැවසීය. "ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි මඟපෙන්වීම යටතේ බජාජ් සන්නාමය වසර හතළිහකට වැඩි කාලයක් ශ්‍රී ලංකාවේ අංක එකේ යතුරුපැදි සහ ත්‍රිරෝද රථ සන්නාමය ලෙස සිය ප්‍රමුඛත්වය රැකගෙන තිබෙනවා. මෙම Superbrands ඇගයීම අපගේ එම නායකත්වය යළිත් සහතික කිරීමක්."
බජාජ් සන්නාමය මීට පෙරද අවස්ථා ගණනාවකදී ද ඇගයීමට ලක් වී ඇත. විශේෂයෙන්ම Brand Finance Lanka ආයතනය විසින් 2019 වසරේ සිට 2023 වසර දක්වා අඛණ්ඩව වසර පහක් පුරා ශ්‍රී ලංකාවේ “වඩාත්ම ආදරණීය යතුරුපැදි සන්නාමය” (Most Loved Motorcycle Brand) ලෙස බජාජ් නම් කිරීම කැපී පෙනෙන කරුණකි.
ශ්‍රී ලාංකික පාරිභෝගිකයාගේ අවශ්‍යතා මැනවින් හඳුනාගනිමි නව නිපැයුම් වෙළඳපොළ වෙත ගෙන ඒමට කටයුතු කිරීම හේතුවෙන් බජාජ් සන්නාමය තවදුරටත් ලාංකේය වෙළඳපොළ තුළ සිය ආධිපත්‍යය තහවුරු කර ගනිමින් සිටිනු ලබයි.

Video Story