January, 27, 2026
වසර ගණනාවක් පුරා පැවති සාකච්ඡා සාර්ථක ලෙස නිමාවට පත් කරමින් ඉන්දියාව සහ යුරෝපා සංගමය ලොව දැවැන්තම වෙළෙඳ ගිවිසුමකට එළඹ ඇත.
ඉහළ ජාත්‍යන්තර අවධානයකට ලක් වූ මෙම වෙළෙඳ ගිවිසුමට අනුව ඉන්දියාවේ අපනයනවලින් 17%ක් යුරෝපා සංගමය වෙත යැවෙන අතර යුරෝපා සංගමය විසින් සිදුකරන මුළු ආනයනවලින් 9% ක් ඉන්දියාවෙන් පැමිණෙනු ඇත.
මෙම ගිවිසුමට අනුව ඉන්දීය භාණ්ඩවලින් 90%කට වඩා ප්‍රමාණයකට පවතින තීරුබදු හා තීරුබදු නොවන බාධාක ඉවත් කෙරෙනු ඇත.
මේ අතර ඉන්දියානුවන් පවසන්නේ මෙම ගිවිසුම හරහා මිල අධික යුරෝපානු මෝටර් රථ අඩු මිලකට මිල දී ගැනීමේ අවස්ථාව තමන්ට හිමිවනු ඇති බවයි.
Video Story