January, 27, 2026
රජයේ ඉඩම් ආඥාපනතේ 6(1) වගන්තිය යටතේ නිදහස් දීමනාවක් වශයෙන් නාගරික සංවර්ධන අධිකාරිය වෙත පැවරී ඇති, කොළඹ 03, බාලදක්ෂ මාවතේ පිහිටි, ප්‍රමාණයෙන් හෙක්ටයාර 0.42කින් යුක්ත ඉඩම් කොටසක් සුදුසු සංවර්ධන කටයුතු සඳහා බැහැර කිරීමට යෝජනා වී තිබේ.
බේරේ වැව ආශ්‍රිත ප්‍රදේශය සඳහා වූ සංවර්ධන නියාමන සැලැස්මට අනුව අදාළ ඉඩම මිශ්‍ර සංවර්ධන කලාපය තුළ පිහිටා ඇති බැවින්, නාගරික සංවර්ධන අධිකාරිය සතු දැනට භාවිත කර නොමැති ඉඩම්, වඩාත් සුදුසු සංවර්ධන කටයුතු සඳහා නිර්දේශ කිරීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරනු ලැබ ඇති විශේෂ කමිටුව විසින් මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා එම ඉඩම යොදා ගැනීමට නිර්දේශ කරනු ලැබ තිබේ.
ඒ අනුව, අධි උස මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම පිණිස වසර 99ක කාලසීමාවකට දිගුකාලීන බදු පදනම මත එකී ඉඩම සුදුසු ආයෝජකයෙකු වෙත බැහැර කිරීම සඳහා රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශයන්ට අනුකූලව ජාත්‍යන්තර තරගකාරී ලංසු කැඳවීමේ ක්‍රමවේදය යටතේ ආයෝජන යෝජනා කැඳවීම පිණිස ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
Video Story