2026 ජනවාරි මාසයේ සංචාරක පැමිණීම 223,000 ඉක්මවයි

    January, 28, 2026

    2026 වසරේ ගත වූ පළමු දින 25 තුළ 223,645ක සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

    මෙම කාල සීමාව තුළ 10,483ක ඉහළම සංචාරක පැමිණීම ජනවාරි 15 වන දින වාර්තා වී ඇත.

    එම කාල සීමාව තුළ ඉන්දියාව, 41,603ක වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇති රට ලෙස වාර්තා වී ඇති අතර එක්සත් රාජධානියෙන් 23,329ක්, රුසියාවෙන් 22,876ක් සහ ජර්මනියෙන් 14,431ක් ලෙස වැඩි වශයෙන් සංචාරකයින් මෙරටට පැමිණ ඇත.