උතුරු පළාත් ආයෝජන සමුළුව අද

    August, 22, 2016

    ආර්ථික දරිද්‍රතාවය නැති කිරීම සඳහා නව රැකියා අවස්ථා බිහිකිරීම, ආදායම් උත්පාදනය හා ජීවනෝපාය සංවර්ධනය තුළින් උතුරේ ජනජිවිතය නඟාසිටුවීමේ අරමුණින් පැවැත්වෙන උතුරු පළාත් ආයෝජන සමුළුව අද (22) පෙරවරු 10.00ට යාපනය දිසාපති කාර්යාලයේ දී පැවැත්වේ.

    මෙම සමුළුව සඳහා දේශීය විදේශීය ආයෝජකයන්ට ආරාධනා කර ඇත.

    මෙම සමුළුව හරහා යාපනයේ ඇතිවී තිබෙන රැකියා ප්‍රශ්න, විනාශයට පත්වු කර්මාන්ත ශාලා ප්‍රතිස්ථාපනය කිරීම මෙන් ම ප්‍රදේශයේ නව කර්මාන්ත ශාලා ඇති කිරීමට සැලසුම් කර තිබේ. පරන්තන් රසායනික කම්හල, අලිමංකඩ ලුණු කර්මාන්ත ආයතනය, සිමෙන්ති කර්මාන්ත ශාලාව, තල් රා සැකසුම් මධ්‍යස්ථානය මෙහි ප්‍රධාන වනු ඇත.

    එසේම සුර්ය ශක්තිය හා සුළං උපයෝගී කර ගෙන විදුලිය නිෂ්පාදනය හා සත්ව පාලනය කෘෂි කර්මාන්තය, ධීවර කර්මාන්තය හා කජු නිෂ්පාදනය දියුණු කිරීම ද මේ හරහා අපේක්ෂා කෙරේ.