January, 29, 2026
අද (29) උදෑසන වන විට මෙරට කැරට් 24 රත්රං පවුමක මිල ඉතිහාසයේ ප්රථමවරට 420,000ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.
ඒ ඊයේ දිනයට සාපේක්ෂව රු. 15,000ක මිල ඉහළ යාමක් සමගයි.
මේ අතර කොළඹ හෙට්ටි වීදීයේ රන් වෙළෙඳපොළේ කැරට් 22 ක රන් පවුමක මිල රු. 386,400 ක් ලෙසින් ද නියම වී ඇත.
ලෝක වෙළෙඳපොළේ රත්රං මිලෙහි කැපී පෙනෙන වැඩිවීමක් සිදුව ඇති අතර ඊට සාපේක්ෂව මෙරට රත්රං මිල ද මෙලෙස විශාල වශයෙන් යළි ඉහළ ගොස් තිබේ.
ඒ අනුව ලෝක රන්මිල ඩොලර් 5,600 සීමාව පසුකර ඇති බවට වාර්තා වෙයි.
Video Story