August, 22, 2016
දෙරට අතර පවතින මිත්‍රත්වය තහවුරු කරනු වස් කොරියානු තානාපති කාර්යාලය හා හුන්ඩායි ලංකා එක්ව අංග සම්පූර්ණ ගිලන් රථයක් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත පරිත්‍යාග කර තිබේ.
ශ්‍රී ලංකාවේ කොරියානු තානාපති වොන්-සැම්, ප්රෙස්ටිජ් ඔටෝමොබයිල් ලිමිටඩ් සභාපති හේන්ස් රොයිටර්, හුන්ඩායි ලංකා විකුණුම් හා අලෙවි ප්‍රධානී තරංගා විතානගේ, ප්රෙස්ටිජ් ඔටෝමොබයිල් අධ්යක්ෂ ජූලියන් රොයිටර් හා විශේෂඥ වෛද්‍ය ලෝහිත සමරවික්‍රම මේ අවස්ථාවට එක්වූහ.
කොරියානු තානාපතිවරයා විසින් මෙම ගිලන් රථය අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත සංකේතාත්මකව පිළිගැන්වූ අයුරු ඡායාරූපයේ දැක්වේ.