Sip to fit ජංගම දුරකථන යෙදුම එළිදැක්වේ

    January, 30, 2026

    Sip to fit ජංගම දුරකථන යෙදුම එළිදැක්වීම පසුගියදා (28දා) තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ ඩන්කන් වයිට් ශාලාවේ දී සිදු කෙරුණි. ‍

    මෙය Hydration App එකක් වන අතර, මෙම ජංගම දුරකථන යෙදුම හරහා පුහුණු වීම්වල දි ක්‍රීඩකයෙකුගේ ශරීරයෙන් දහනය වී ඇති දාඩිය සමඟ කොපමණ ජල ප්‍රමාණයක් සහ සෝඩියම් ප්‍රමාණයක් පිටවී ඇත්දැයි දැනගත හැකිය.

    එමෙන්ම ක්‍රීඩකයන්ගේ පෝෂණය සම්බන්ධයෙන් ද මෙම යෙදුම භාවිතයට ගත හැකිය.

    වෛද්‍ය පර්යේෂණ ආයතනය උපදේශක පෝෂණ වෛද්‍ය (වැඩබලන) හෂාන් අමරතුංග මහතා විසින් මෙම යෙදුම සකස් කර තිබේ.

    මෙම ජංගම දුරකථන යෙදුම එළිදැක්වීම තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා අතින් සිදු කෙරුණි.

    මෙහිදී අදහස් දක්වමින් තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යය සුනිල් කුමාර ගමගේ මහතා පැවසුවේ, ලෝකය විද්‍යාව සමඟ නිර්මාණය කරන ලද ක්‍රීඩකයින් ජාත්‍යන්තර තරඟ වලට යොමු කරන බවත්, මෙරට ක්‍රීඩකයන්ට තරඟ වැදීමට සිදුව ඇත්තේ තාක්ෂණය සමඟ නිර්මාණය කරන ලද ක්‍රීඩකයන් සමඟ බවත් ය.

    එබැවින් මෙරට ක්‍රීඩාවටද තාක්ෂණය රැගෙන ආ යුතු බවත්, මෙම යෙදුම හරහා ඊට දායකත්වයක් සපයන බවත් ප්‍රකාශ කළේය.