2025 දී වාහන ආනයන වියදම ඩොලර් බිලියන 2 පනී

    February, 1, 2026

    පෞද්ගලික රථවාහන සහ වාණිජ කටයුතු සඳහා යොදා ගන්නා වාහන ඇතුළුව වාහන ආනයනය සඳහා වූ වියදම 2025 වසරේ දෙසැම්බර් මාසය තුළ දී එ.ජ. ඩොලර් මිලියන 301ක් ලෙසින් සටහන් වී තිබේ.

    ඒ අනුව 2025 වසර තුළ රථ වාහන ආනයන සඳහා වූ මුළු වියදම එ.ජ. ඩොලර් මිලියන 2,047ක් ලෙස වාර්තා වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

    2025 වසරේ දී පෞද්ගලික රථ වාහන ආනයනය සඳහා දරා ඇති මුළු වියදම ඩොලර් බිලියන 1.6ක් වේ.