February, 2, 2026
නිදහසින් පසු ලංකා ඉතිහාසය තුළ ජංගම ගිණුමේ ඉහළම අතිරික්තය වාර්තා කිරීමට 2025 වසර සමත් වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය පිළිබඳ දැක්වෙන නවතම දත්තවාර්තාවන්ට අනුව නිරීක්ෂණය කළ හැකියි.
එම වාර්තාවන්හි තාවකාලික ඇස්තමේන්තු අනුව 2025 වසරේ ජංගම ගිණුමේ සමස්ත අතිරික්තය වාර්තා වනුයේ එ.ජ. ඩොලර් බිලියන 1.7ක් ලෙසයි.
2025 වසරේ දෙසැම්බර් මාසයේ දී ද ජංගම ගිණුමේ සුළු අතිරික්තයක් වාර්තා වී ඇත.
2025 වසරේ බොහෝ මාසවල දී මාසික ජංගම ගිණුමේ අතිරික්තයන් වාර්තා වී ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙස, 2025 වසර ඉතිහාසයේ ඉහළම ජංගම ගිණුම් අතිරික්තය වාර්තා කිරීමට සමත් වී ඇත.
2025 වසරේ දෙසැම්බර් මාසයේ දී වෙළඳ භාණ්ඩ ගිණුමේ හිඟය පසුගිය වසරේ දෙසැම්බර් මාසයට සාපේක්ෂව ඉහළ ගියේය.
තවද, 2025 වසර තුළදී මෙතෙක් වාර්ෂිකව වාර්තා වූ ඉහළම අපනයන ආදායම වාර්තා වුවද, 2024 වසරට සාපේක්ෂව වෙළඳ භාණ්ඩ ගිණුමේ හිඟය එ.ජ. ඩොලර් බිලියන 7.9ක් දක්වා පුළුල් වී ඇති බව මහ බැංකු දත්ත වාර්තාවන් පෙන්වා දෙයි.
Video Story