Forbes India DGEMS 2024ට අනුව ලොව වේගයෙන්ම වර්ධනය වන සමාගම් 100 අතරට තේරී පත්වූ, අත්දැකීම් බහුල දේපළ වෙළඳාම් සහ ජීවන රටා සංවර්ධන ආයතනයක් වන Fracspace විසින් සිය ප්‍රථම ජාත්‍යන්තර ව්‍යාපෘතිය වන ‘Altaira’ ව්‍යාපෘතිය පසුගියදා නිල වශයෙන් ප්‍රකාශයට පත් කරමින් ශ්‍රී ලංකාවට පිවිසියේය. රුපියල් බිලියන 5ක එනම්, ඇමරිකානු ඩොලර් මිලියන 15ක දැවැන්ත ආයෝජනයක් සහිත මෙම ව්‍යාපෘතිය මඟින් මෙරට “ගමනාන්ත කේන්ද්‍රීය ජීවන රටාව” (Destination-led living) නව මානයකට ගෙන යාමට අපේක්ෂා කරනු ලබයි.
“Altaira” යනු, ගොඩනැගිලි සංකීර්ණයක් පමණක් නොවේ. එය ස්වභාවධර්මය, නවීන සැලසුම් සහ සත්කාරක සේවාවන් ඒකාබද්ධ කරමින් ඉදිවන සුවිශේෂී මෙන්ම මානව හිතකාමී ජීවන අවකාශයකි. එසේම අඩු ඝනත්වයකින් යුතුව ස්වාභාවික සෞන්දර්යය ආරක්ෂා වන පරිදි මෙය නිර්මාණය කර ඇත. ඒ අනුව මෙම ව්‍යාපෘතිය, සුඛෝපභෝගී ජීවිතය සහ දිගුකාලීන ආයෝජන වටිනාකම පිළිබඳ දැනට පවතින ලාංකේය අදහස් වෙනස් කිරීමට සමත් වනු ඇත.
මුහුදු මට්ටමේ සිට අඩි 2,000ක් පමණ උසින්, මීදුමෙන් වැසුණු බුලත්කොහුපිටිය කඳුකරයේ අක්කර 26ක මනරම් භූමියක Altaira ව්‍යාපෘතිය විහිදී පවතී. සොබාදහම සමඟ මනාව මුසුවන පරිදි නිර්මාණය කර ඇති මෙම සුවිශේෂී සංවර්ධන ව්‍යාපෘතිය, අක්කර පහක අතිසුඛෝපභෝගී රිසෝට් එකකින්, සොඳුරු කඳු වැටියට මුහුණලා පිහිටි නිවහන (Ridge Suites) 24කින් සහ පූර්ණ සේවා පහසුකම් සහිත පෞද්ගලික විලා (Villas) 40කින් සමන්විත වේ. නිදහස සහ පෞද්ගලිකත්වය උපරිමයෙන් සුරැකෙන පරිදි සැලසුම් කර ඇති මෙහි ඇති සෑම අංගයක්ම පහළ මිටියාවතේ මනරම් දර්ශනයන් අසිරිමත් ලෙස විඳගත හැකි අයුරින් නිමවා තිබීම විශේෂත්වයකි.
මෙම ආයෝජනයට මූලික හේතුව වී ඇත්තේ, ශ්‍රී ලංකාව සංචාරක ගමනාන්තයකින් ඔබ්බට ගොස්, ගෝලීය ප්‍රාග්ධනය ආකර්ෂණය කරගත හැකි සහ ගුණාත්මක ජීවන රටාවක් සඳහා සුදුසුම ස්ථානයක් ලෙස හඳුනාගෙන තිබීමයි. Altaira ව්‍යාපෘතියේ මූලික සංකල්පය වන්නේ "Above the Clouds" (වළාකුළුවලට ඉහළින්) යන්නයි. මෙයින් භූගෝලීය පිහිටීම, පැහැදිලි දැක්ම සහ සැලසුම් සහගත වර්ධනය සංකේතවත් කරනු ලබයි. තදබදයෙන් පිරුණු නාගරික සුඛෝපභෝගී වෙළඳපොළට විකල්පයක් ලෙස, විවෘත භාවය සහ අත්දැකීම් මත පදනම් වූ වටිනාකමක් මෙහිදී පාරිභෝගිකයාට හිමි වනු ඇත.
පරිසර හිතකාමී සහ අත්දැකීම් බහුල සංචාරක ගමනාන්තයක් ලෙස නිර්මාණය කර ඇති Altaira, ස්වභාව සෞන්දර්යය සහ සුවතාවය මුල් කරගත් අංග රැසකින් සමන්විතය. තේ වතු මැදින් දිවෙන මංතීරු, වර්ෂා වනාන්තර අත්දැකීම්, මීදුම් සේල අතර ඉදිවූ නැරඹුම් මැදිරි (Cloud decks), ගංගා ආශ්‍රිත ස්වභාවික උණුදිය ස්නාන අත්දැකීම් (Onsen) සහ මිටියාවතේ අසිරිය පෙනෙන නිමාවක් නොපෙනෙන පිහිනුම් තටාකයක් (Infinity pool) මෙහි අන්තර්ගත වේ. මීට අමතරව, නැවුම් අස්වැන්නෙන් පිරිපුන් 'Farm-to-table' අවන්හලක්, එළිමහන් කැෆේ පරිශ්‍ර සහ විවේකී කලාපයන්ගෙන් මෙය හැඩවෙයි. මෙහි ඇති සුවිශේෂත්වය වන්නේ මේ සියලු නිර්මාණ ස්වභාවික භූ විෂමතාවලට බාධා නොකර, එම කඳුකර පරිසරය සමඟම මනාව බද්ධ වෙමින් ගොඩනගා තිබීමයි.
Fracspace හි නිර්මාතෘ වන උන්නත් රෙඩ්ඩි මහතා මෙම ව්‍යාපෘතිය පිළිබඳව සිය අදහස් මෙසේ දැක්වීය. "Altaira කියන්නේ Fracspace ඉතිහාසයේ නව පරිච්ඡේදයක ආරම්භය. මෙය වේගවත් ලාභ ලැබීමේ ව්‍යාපෘතියක් නොවේ. ඉවසිලිවන්තව සහ වගකීම් සහගතව ගොඩනැගූ දීර්ඝකාලීන ආයෝජනයක්. ශ්‍රී ලංකාවේ පවතින භූගෝලීය පිහිටීම අපගේ සංවර්ධන උපායමාර්ගයට මනාව ගැලපෙනවා." Fracspace හි ප්‍රතිපත්තිය වන්නේ අලෙවිකරණ ප්‍රචාරණයන්ට වඩා සැබෑ ලෙසම ක්‍රියාකාරීත්වය සහ විශ්වාසය මත පදනම්ව කටයුතු කිරීමයි. ඒ අනුව, මේ වන විටත් මෙම ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය ඉඩම් සුරක්ෂිත කර ඇති අතර, ව්‍යාපෘතියේ මූලික කටයුතු කඩිනමින් ක්‍රියාත්මක වෙමින් පවතී.
Altaira ව්‍යාපෘතියේ තිරසාරත්වය යනු හුදු බාහිර සැරසිල්ලක් නොව, එහි සමස්ත සැලසුම්කරණයේම පදනමයි. අවම ගොඩනැගිලි ඝනත්වයක් පවත්වා ගනිමින් සහ ස්වභාවික භූ විෂමතාවලට ගරු කරමින් සිදුකරන මෙම නිර්මාණය, ස්වභාවික වාතාශ්‍රය සහ පරිසර හිතකාමී ගමන් මාර්ග කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරයි. එමඟින් පවතින පරිසර පද්ධතියට බාධා නොකර ඒ සමඟ සහජීවනයෙන් පැවතීමට ගොඩනැගිලිවලට හැකි වේ. මෙහි ඉදිවන සෑම නිවහනක්ම රිසෝට් මට්ටමේ සේවාවන් සහිත 'ස්මාර්ට්' නිවසක් ලෙස නිර්මාණය කර ඇති අතර, නවීන තාක්ෂණික පහසුව මෙන්ම පරිසර සංවේදීතාව සහ දිගුකාලීන කාර්යක්ෂමතාව යන කරුණු ද මෙහිදී මනාව සමබර කර ඇත.
Fracspace Ceylon (Pvt) Ltd හි අධ්‍යක්ෂ දනුන තිලකරත්න මහතා ‘Altaira’ ව්‍යාපෘතිය පිළිබඳව සඳහන් කරනු ලැබූයේ, "නව රජයේ සංචාරක කර්මාන්තය නගාසිටුවීම සදහා ගන්නා උත්සාහයට සමගාමීව ලාංකීය සංචාරක කර්මාන්තයේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් අපි නිර්මාණ කටයුතු ආරම්භ කිරීමට පෙර අපි භූමියේ පිහිටීම සහ අවට පරිසරයේ ස්වභාවය පිළිබඳව ගැඹුරින් අධ්‍යයනය කළා. Altaira යනු දේශීය අනන්‍යතාවයට ගරු කරමින් ගෝලීය ප්‍රමිතීන්ට අනුව ඉදිවන සුවිශේෂී නවාතැනක්." බවයි.
මෙම සියලු අංගයන්ගේ සුසංයෝගය තුළින් Altaira යනු සාමාන්‍ය මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියකට වඩා එහා ගිය, ඉතා සූක්ෂ්ම ලෙස සැලසුම් කළ සුවිශේෂී ගමනාන්තයක් බවට පත්වේ. මෙහිදී ආගන්තුක සත්කාරය, පෞද්ගලික ජීවන රටාව, සුවතාවය සහ සොබාදහම යන කරුණු එකිනෙකට වෙන් කළ නොහැකි ලෙස එක්වී, දිගුකාලීන පැවැත්මක් සහිත තනි පද්ධතියක් (Ecosystem) ලෙස ගොඩනැගී තිබීම මෙහි ඇති සුවිශේෂත්වයයි.
මෙම ව්‍යාපෘතිය හරහා දෙවන නිවසක් අපේක්ෂා කරන පිරිස්වලට මෙන්ම, ගුණාත්මකභාවය අගය කරන ජාත්‍යන්තර ආයෝජකයින්ට ද කදිම අවස්ථාවක් උදාවනු ඇත. Altaira හරහා Fracspace තහවුරු කරන්නේ ශ්‍රී ලංකාවේ අනාගතය පිළිබඳව තබා ඇති දැඩි විශ්වාසයයි.