February, 2, 2026
2025 වසරේ දී අවප්‍රමාණයකට ලක් වූ ශ්‍රී ලංකා රුපියල, 2026 වසරේ ජනවාරි මාසය තුළදී එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව 0.2%ක අතිප්‍රමාණය වීමක් වාර්තා කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
2025 වසර තුළ දී ශ්‍රී ලංකා රුපියල එක්සත් ජනපද ඩොලරය හමුවේ 5.6%ක අවප්‍රමාණය වීමක් වාර්තා කළේය. කෙසේවෙතත් ඩොලරය හමුවේ ශ්‍රී ලංකා රුපියල 2023 වසරේ දී 12.1%කින් සහ 2024 වසරේ දී 10.7%කින් අතිප්‍රමාණය වී තිබුණි.
2026 ජනවාරි මාසය තුළ දී එක්සත් ජනපද ඩොලරය හා ඉන්දියානු රුපියල හැරෙන්නට සෙසු ප්‍රධාන විදේශ විනිමය හමුවේ ශ්‍රී ලංකා රුපියලේ පසුබෑමක් වාර්තා වේ.

Video Story