ජාත්‍යන්තර Fast Mode සම්මාන උළෙලේදී පාරිභෝගික සේවාවන්හි විප්ලවීය නවෝත්පාදන උදෙසා HUTCH ‘ජාත්‍යන්තර ඇගයීමට’ ලක්විය

    February, 2, 2026

    පසුගියදා පවත්වන ලද ජාත්‍යන්තර ‘Fast Mode’ සම්මාන උළෙලේදී, Growth Category යටතේ කීර්තිමත් ‘Customer Champion’ සම්මානය දිනා ගැනීමට HUTCH සමාගම සමත් විය. නවීන තාක්ෂණය උපයෝගී කරගනිමින් පාරිභෝගික අත්දැකීම් නව මානයකට ගෙනයාමට සහ පාරිභෝගිකයින් වෙත සුවිශේෂී වටිනාකමක් ලබා දීමට HUTCH දැක්වූ උත්සාහය මේ හරහා තවදුරටත් තහවුරු වනවා.

    HUTCH සමාගම සිය ‘Big Data’ තාක්ෂණය සහ කෘතිම බුද්ධිය (AI) මඟින් ලබාගන්නා දත්ත විශ්ලේෂණ හරහා, පාරිභෝගිකයින් වෙත අතිශය පුද්ගලීකරණය කළ සේවාවන් හඳුන්වා දීමට HUTCH පුරෝගාමී වී ඇත. මෙම තාක්ෂණික දියුණුව පාරිභෝගිකයින් සමඟ සමීප මානුෂීය සබඳතාවක් පවත්වා ගනිමින්, ශක්තිමත් සහ ඒකාබද්ධ පාරිභෝගික කළමනාකරණ උපායමාර්ගයක් ගොඩනැගීමට යොදාගෙන තිබීම විශේෂත්වයකි. සියලුම පාරිභෝගිකයින් ආවරණය වන පරිදි සකස් කරන ලද පුළුල් පරාසයක විහිදුණු ඩිජිටල් සහ සම්ප්‍රදායික නාලිකා ඔස්සේ යාවත්කාලීන විසඳුම් ලබා දෙමින් 100% ක පාරිභෝගික  විශ්වාසය සහතික කිරීමට මෙම උපායමාර්ගය සමත් වී ඇත.

    මෙරට තුළ පාරිභෝගිකයාට මුල් තැන දීම සම්බන්ධයෙන් දීර්ඝ කාලීන කීර්තිනාමයක් සහ විශ්වාසයක් දිනා සිටින සන්නාමයක් වන HUTCH, මෑත වසරවලදී පාරිභෝගික අවබෝධය සහ සබඳතාවය නවීකරණය කිරීමට පියවර ගෙන ඇත. පාරිභෝගිකයින්ගේ අවශ්‍යතා හඳුනා ගැනීම, දුෂ්කරතා මඟහරවා ගැනීම සහ දත්ත විශ්ලේෂණ හරහා අර්ථාන්විත පියවර ගැනීම මෙයට ඇතුළත් වේ. පාරිභෝගික ගමන් මඟ ආරම්භයේ සිටම කිසිදු බාධාවකින් තොර සුමට අත්දැකීමක් ලබා දීම සඳහා සමස්ත ක්‍රියාවලියම HUTCH විසින් යාවත්කාලීන කර ඇත. මේ හරහා පාරිභෝගිකයා වෙත ක්‍රියාකාරී මඟපෙන්වීම් ලබාදීම, සේවාවන් වෙත ප්‍රවේශ වීමේ පහසුව, ගැලපෙන නිෂ්පාදන පෙළගැස්වීම,විශේෂ ආකර්ෂණීය දීමනා (Loyalty offers) සහ පුද්ගල අනන්‍යතාවයට ගැළපෙන සහායක සේවාවන් සැපයීම ඇතුළත් වන අතර, එමඟින් පාරිභෝගික විශ්වාසය සහ වටිනාකම තවදුරටත් තහවුරු වේ.

    මේ පිළිබඳව අදහස් දක්වමින් HUTCH සමාගමෙහි ප්‍රධාන අලෙවි නිලධාරී හම්දි හසන් මහතා ප්‍රකාශ කර සිටියේ "මෙම ජාත්‍යන්තර සම්මානය මගින් තහවුරු වන්නේ ‘ජනතාවට මුල් තැන’ යන අපගේ දැක්මයි. පාරිභෝගිකයින් හුදෙක් වෙළඳපොළ කාණ්ඩ ලෙස නොව තනි පුද්ගලයින් ලෙස වටහා ගැනීම අපගේ අරමුණයි. අපගේ ප්‍රවේශය වෙනස් කර ඇත්තේ මානුෂීය සංවේදීතාව කේන්ද්‍ර කර ගනිමින් වන අතර, එහිදී තාක්‍ෂණය යනු හුදෙක් ගමනාන්තය නොව අපගේ අරමුණු ඉටු කරගැනීමට ඇති පහසුකම් සපයන්නෙකු  පමණි. මේ හරහා පාරිභෝගිකයින්ට සැබෑ වටිනාකමක් ලබා දෙන ක්‍රියාවලියක් ගොඩනැගීමට අපට හැකි වී තිබෙනවා. HUTCH සමාගම වන අප, සැමට ආදර්ශයක් වෙමින් මිනිසුන් කෙරෙහි සැබෑ බලපෑමක් සහ කල්පවත්නා විශ්වාසයක් ගොඩනඟන අත්දැකීම් නිර්මාණය කිරීමට හැකිවීම පිළිබඳව අපි ආඩම්බර වන බවයි.