බදු ප්‍රතිපත්ති විශ්ලේෂණ ඒකකය නිල වශයෙන් ස්ථාපිත කෙරේ

    February, 3, 2026

    මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය විසින් බදු ප්‍රතිපත්ති විශ්ලේෂණ ඒකකය (Tax Policy Analysis Unit – TPAU) නිල වශයෙන් ස්ථාපිත කර ඇති බව නිවේදනය කර සිටී. එම ඒකකය රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව යටතේ ස්ථාපිත කර ඇත.

    ආදායම් විශ්ලේෂණය, බදු ප්‍රතිපත්තීන් හි ආර්ථික හා ව්‍යාප්ති විශ්ලේෂණය, බදු වියදම් ඇගයීම, ප්‍රධාන පාර්ශවකරුවන් සමඟ කටයුතු කිරීම, ජාත්‍යන්තර බදුකරණයට අදාළ විශ්ලේෂණය සහ සහාය මෙන්ම කලාපීය සහ ජාත්‍යන්තර බදු සහයෝගීතාවය සම්බන්ධයෙන් කටයුතු කිරීම බදු ප්‍රතිපත්ති විශ්ලේෂණ ඒකකයේ ප්‍රධාන කාර්යභාරයන් වේ.