ඉතිහාසයේ තනි මාසයක් තුළ පැමිණි වැඩිම සංචාරකයින් ප්‍රමාණය 2026 ජනවාරියේ දී

    February, 3, 2026

    2026 ජනවාරි මාසයේ 277,327ක වාර්තාගත සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සිය නවතම දත්ත වාර්තාවන් නිකුත් කරමින් පෙන්වා දෙයි. මෙය මෙතෙක් ඉතිහාසයේ කැලැන්ඩර් මාසයක් තුළ ශ්‍රී ලංකාවට පැමිණි වැඩිම සංචාරකයින් සංඛ්‍යාව ලෙසින් වාර්තා වේ.

    2025 වසරේ ජනවාරි මාසයට සාපේක්ෂව මෙය 10% කට ආසන්න වර්ධනයක් පෙන්නුම් කරයි.

    ගත වූ ජනවාරි මාසය තුළ 10,483ක ඉහළම සංචාරක පැමිණීම ජනවාරි 15 වන දින වාර්තා වී ඇත.

    එම කාල සීමාව තුළ ඉන්දියාව, 52,061ක වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇති රට ලෙස වාර්තා වී ඇති අතර එක්සත් රාජධානියෙන් 29,540ක්, රුසියාවෙන් 27,134ක් සහ ජර්මනියෙන් 17,776ක් ලෙස වැඩි වශයෙන් සංචාරකයින් මෙරටට පැමිණ ඇත.