සිංගප්පූරුවේ Epdesa සමාගමට පෙට්‍රල් කොන්ත්‍රාත්තුවක්

    February, 3, 2026

    ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව වෙත 2026-03-15 සිට 2026-09-14 කාලය තුළ පෙට්‍රල් 92 Unl බැරල් 300,000 ± 5%ක් බැගින් වූ නැව් තොග 05ක් ප්‍රසම්පාදනය සඳහා එම සංස්ථාවේ ලියාපදිංචි සැපයුම්කරුවන්ගෙන් ලංසු කැඳවා තිබේ.

    ඒ සඳහා සැපයුම්කරුවන් 06දෙනෙකු විසින් ලංසු ඉදිරිපත් කර ඇත.

    එකී ලංසු ඇගයීමෙන් අනතුරුව ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් ඉදිරිපත් කරන ලද නිර්දේශය මත පදනම්ව, එම කොන්ත්‍රාත්තුව සාරානුකූලව ප්‍රතිචාරාත්මක අවම ලංසුකරු වන සිංගප්පූරුවේ M/s. Epdesa Pte. Ltd. වෙත පිරිනැමීම පිණිස බලශක්ති අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.