February, 5, 2026
අද (05) දිනයේ ආරම්භයේ පටන් කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ක්රියාකාරීත්වයේ ඉහළ සක්රීය ස්වභාවයක් දැක ගන්නට ලැබුණි. එහිදී දිනයේ මුල්භාගයේ දී සියලු කොටස් මිල දර්ශයේ දිනයේ වැඩිවීම ඒකක 100 සීමාව ඉක්මවා ගිය අවස්ථාවන් කිහිපයක්ම නිරීක්ෂණය කළ හැකි විය.
කෙසේවෙතත් දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 34.49කින් ඉහළ ගොස් ඒකක 23,768.99ක් ලෙසින් සටහන් වුණි.
S&P SL20 මිල දර්ශකය ඒකක 5.47කින් ඉහළ ගොස් ඒකක 6,602.81ක් ලෙස දැක්වුණි.
අද සමාගම් 131ක කොටස් මිල ගණන් ඉහළ ගිය අතර ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස්, සම්පත් බැංකුව, ඩයලොග් ආසියාටා, ACME Printing & Packaging සහ Ceylon Land & Equity යන සමාගම් වලින් සියලු කොටස් මිල දර්ශකයේ හැසිරීමට ඉහළ ධනාත්මක දායකත්වයක් ලැබී තිබුණි.
මේ අතර අද දින රු. බිලියන 11.11ක වාර්තාගත ගනුදෙනු පිරිවැටුමක් වාර්තා වීම විශේෂත්වයකි. එහිදී ගිවිසාගනු ලැබූ ගනුදෙනු ද සමඟින් ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී හි රු. බිලියන 4.31ක කොටස් හුවමාරුවීම් වාර්තා වීම විශේෂ සිදුවීමක් වන අතර මීට අමතරව හැටන් නැෂනල් බැංකුවේ කොටස් ගනුදෙනු හරහා රු. බිලියන 1.51ක පිරිවැටුමක් වාර්තා විය.
Video Story