කොටස් වෙළෙඳපොළේ විදෙස් ආයෝජකයෝ සක්‍රීය වෙති

    February, 6, 2026

    ඊයේ (05) දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ ආයෝජකයින්ගේ සහභාගීත්වයේ ඉහළ සක්‍රීය ස්වභාවයක් දක්නට විය. එ‍හි ප්‍රතිඵලයක් ලෙසින් රු. බිලියන 4.22ක විදේශීය මිල දී ගැනීම් ප්‍රමාණයක් සහ රු. බිලියන 5.25ක විදේශීය විකිණුම් ප්‍රමාණයක් වාර්තා වුණි.

    වාර්තා වන අන්දමට ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී හි සිදුවූ මහාපරිමාණ කොටස් ගනුදෙනු කිහිපයක් මෙලෙස විදේශීය පිරිවැටුම් ප්‍රමාණ ඉහළ යාමට හේතු වී තිබේ. එහිදී ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් හි ප්‍රධාන කොටස්කරුවා වන HWIC Asia Fund විසින් සිය ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් කොටස් හිමිකාරීත්වය තවදුරටත් ඉහළ නංවා ගැනීමට සමත්ව ඇත.

    HWIC Asia Fund විසින් ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් හි කොටස් මිලියන 188.53ක් ඊයේ දින කොටසක් රු. 22.50 බැගින් වන පරිදි මිල දී ගෙන තිබේ. 

    මෙම කොටස් අත්පත් කර ගැනීමත් සමඟින් 2025 දෙසැම්බර් 31 දින වන විට 25.5%ක්ව පැවති සිය ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් කොටස් හිමිකාරීත්වය 26.5%ක් දක්වා ඉහළ නංවා ගැනීමට HWIC Asia Fund කටයුතු කර ඇත.

     

    Video Story

    Stock Market

    Exchange Rates