February, 6, 2026
ආර්ථික බිඳවැටීමකින් පසු වේගවත්ව සංවර්ධන මාවතට පිවිසෙන රටක් ලෙස ශ්‍රී ලංකාව ලෝකය තුළ අවධානයට ලක්ව තිබෙන බවත් ජනාධිපතිවරයාගේ නිදහස් දින කතාව තුළ සියලු පාර්ශ්ව එක්කර ගනිමින් රට ගොඩනැගීමේ වත්මන් රජයේ උත්සාහය පිළිබිඹු වන බවත්, ශ්‍රී ලංකාව ලබා ඇති ආර්ථික ජයග්‍රහණ පිළිබඳ සතුටුවන බවත් ශ්‍රී ලංකාවේ කොලොම්බියානු තානාපති වික්ටර් හියුගෝ ජරමිල්ලෝ මහතා පැවසීය.
ඒ මහතා මේ බව සඳහන් කළේ ඊයේ (5) ග්‍රාම සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතා හමුවූ අවස්ථාවේදීය.
මෙම සාකච්ඡාවේදී දෙරට අතර ආයෝජන, වෙළෙඳ හා සංචාරක අවස්ථා පිළිබඳ අවධානය යොමුවූ අතර ග්‍රාමීය ආර්ථික ක්ෂේත්‍රයේ පොදු අත්දැකීම් හුවමාරු කරගැනීම සිදුවිය.
Video Story