February, 6, 2026
ජෝසප් ෆ්‍රේසර් රෝහල මෑතකදී වෛද්‍ය අධීක්ෂණය යටතේ සිදු කළ සාර්ථක ජල දරු ප්‍රසූතියක් සමඟින් සිය මාතෘ සත්කාරක සේවාවේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කළේය. එක් එක් මවට අනන්‍ය වූ සත්කාරයන් සැලසීමටත්, මවගේ කැමැත්ත මත පදනම් වූ වෛද්‍ය තීරණ ගැනීමටත්, ඉහළම සායනික ආරක්ෂාව සහතික කිරීමටත් රෝහල සතු කැපවීම මෙමගින් යළිත් තහවුරු වේ.
ජෝසප් ෆ්‍රේසර් රෝහලේ දී ජල දරු ප්‍රසූති සිදු කරනු ලබන්නේ දැඩි වෛද්‍ය අධීක්ෂණය සහ නියමිත සායනික ක්‍රමවේදයන්ට අනුකූලව ඉතා ආරක්ෂිත පරිසරයක් තුළයි. අවශ්‍ය ඕනෑම මොහොතක මවට සහ බිළිඳාට කඩිනම් විශේෂඥ වෛද්‍ය සත්කාර ලබා දීම සඳහා රෝහල සතු නවීකරණය කරන ලද නවජ දැඩි සත්කාර ඒකකය (NICU), රුධිර බැංකුව සහ අධි සත්කාර ඒකකය (HDU) මඟින් පූර්ණ සහාය ලබා දෙන අතර, එමඟින් උපරිම ආරක්ෂාව සහතික කෙරේ.
ප්‍රසව හා නාරිවේද පිළිබඳ විශේෂඥ වෛද්‍ය සහ කොළඹ විශ්වවිද්‍යාලයේ විශ්‍රාමලත් මහාචාර්ය හේමන්ත සේනානායක මහතාගේ අධීක්ෂණය යටතේ සිදු වූ මෙම ප්‍රසූතියේ දී, පෙරිනියල් ප්‍රදේශයට අමතර ආරක්ෂාවක් ලබා දීම ඇතුළු විශේෂිත ආරක්ෂණ ක්‍රමවේද රැසක් අනුගමනය කරන ලදී. එමගින් වඩාත් සාර්ථක සායනික ප්‍රතිඵල අත්කර ගැනීමට හැකි වූ අතරම, මවට සන්සුන් මෙන්ම තම ශක්තිය මනාව වටහා ගත හැකි සුවිශේෂී ප්‍රසූති අත්දැකීමක් ලබා දීමට ද හැකි විය.
වසර 104ක අභිමානවත් ඉතිහාසයක් ඇති ජෝසප් ෆ්‍රේසර් රෝහලට මෙම අවස්ථාව සුවිශේෂී වන්නේ තවත් එක් හේතුවක් නිසාය. එනම්, මීට දශක තුනකට පෙර මව මෙලොවට බිහි කළ වෛද්‍ය කණ්ඩායමම, වසර තිහකට පසු ජෝසප් ෆ්‍රේසර් රෝහලේ දී ඇගේ දරුවා ද ප්‍රසූත කිරීමට සහාය වීම හරහා පරම්පරා දෙකක බැඳීමක් නිර්මාණය වීමයි.
එක් එක් මවට අනන්‍ය වූ සත්කාරයන් සැලසීම ජෝසප් ෆ්‍රේසර් රෝහලේ මාතෘ සත්කාරක දර්ශනයේ ප්‍රධානතම අංගයකි. රෝහල සතු 'BirthX' පූර්ව ප්‍රසූති උපදේශන වැඩසටහන හරහා, දරුවා බිහි කිරීමට පෙර මව්පියන්ගේ කැමැත්ත සහ අවශ්‍යතා හඳුනා ගැනීමට වෛද්‍යවරුන් ඔවුන් සමඟ සමීපව කටයුතු කරයි. රෝහල්ගත වීමට පෙර මව සහ පියා වෙනුවෙන් නිල වශයෙන් ඔවුන්ගේ අවශ්‍යතා වලට සරිලන ප්‍රසූති සැලසුමක් සකස් කරන කොළඹ පිහිටි එකම රෝහල වන්නේ ජෝසප් ෆ්‍රේසර් රෝහලයි.
මෙම සුවිශේෂී අවස්ථාව පිළිබඳව අදහස් දක්වමින් මහාචාර්ය හේමන්ත සේනානායක මහතා පැවසුවේ, නිසි වෛද්‍ය පාලනයක් සහ මඟපෙන්වීමක් සහිතව සිදු කෙරෙන ජල දරු ප්‍රසූතියක් මඟින් මවකට තමන් සතු ශක්තිය මනාව වටහා ගත හැකි, ඉතා පෞද්ගලික අත්දැකීමක් හිමි වන බවයි. රෝහලේ වෛද්‍ය සේවා ප්‍රධානී වෛද්‍ය දිල්රුක්ෂි සයියාක්‍ර මහත්මිය අදහස් දක්වමින් කියා සිටියේ, මවගේ හෝ බිළිඳාගේ ආරක්ෂාවට කිසිදු හානියක් නොවන පරිදි, මවගේ කැමැත්ත මත තෝරාගත හැකි ප්‍රසූති ක්‍රමවේද ලබා දීම කෙරෙහි රෝහල සැමවිටම අවධානය යොමු කරන බවයි.
සියවසකට අධික අත්දැකීම්, විශේෂඥ වෛද්‍ය සේවාවන් සහ නයින්වෙල්ස් කළමනාකාරීත්වය යටතේ පැය 24 පුරා ක්‍රියාත්මක වන නවීන පහසුකම් සහිත නවජ දැඩි සත්කාර ඒකකය (NICU) සමඟින්, ජෝසප් ෆ්‍රේසර් රෝහල වෛද්‍ය විශිෂ්ටත්වය සහ සහකම්පනයෙන් යුත් සත්කාරය මුසු කළ විශ්වසනීය මාතෘ සත්කාරක ආයතනයක් ලෙස සිය නාමය තවදුරටත් ශක්තිමත් කරයි. මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයට ලබා දුන් සුවිශේෂී දායකත්වය අගයමින් රජය විසින් සමරු මුද්දරයක් නිකුත් කර ගෞරවයට පාත්‍ර වූ ශ්‍රී ලංකාවේ එකම පෞද්ගලික රෝහල ද මෙය වේ.

Video Story