February, 9, 2026
2026 ජනවාරි මාසයේ දී ශ්රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම් වටිනාකම 0.2%ක සුළු පහළ යාමක් වාර්තා කර ඇත.
2025 දෙසැම්බර් මාසය අවසන් වන විට මහ බැංකුව සතුව තිබූ නිල සංචිත වත්කම්වල වටිනාකම එක්සත් ජනපද ඩොලර් මිලියන 6,838ක් වූ අතර එය 2026 ජනවාරි මාසය තුළ දී ඩොලර් මිලියන 6,824ක් දක්වා ඒ අනුව සුළු වශයෙන් පහළ ගොස් තිබේ.
නිල සංචිත වත්කම් තුළ අන්තර්ගත ප්රධාන සංචරකය වන විදේශ විනිමය සංචිතය 2026 ජනවාරි මාසයේ දී ඩොලර් මිලියන 6,747 සිට ඩොලර් මිලියන 6,680 ක් දක්වා 1%ක පහළ යාමක් මෙහිදී පෙන්නුම් කර ඇත.
මේ අතර 2026 ජනවාරි මාසයේ දී මහ බැංකුව සතු රන් සංචිතය ඩොලර් මිලියන 86 සිට ඩොලර් මිලියන 109ක් දක්වා 26.8%කින් සුවිශේෂී ඉහළ යාමක් වාර්තා කර තිබීම විශේෂත්වයකි.
මෙම නිල සංචිත වත්කම් තුළ එක්සත් ජනපද ඩොලර් බිලියන 1.4කට පමණ සමාන වූ චීන මහජන බැංකුවෙන් ලද විදේශ විනිමය හුවමාරු පහසුකමෙහි ලැබීම් අන්තර්ගත වන අතර, එය භාවිතා කිරීමේ දී කොන්දේසිවලට යටත් වන බව ශ්රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරයි.
Video Story