February, 9, 2026
2026 පෙබරවාරි මාසයේ දෙවැනි සතියට ගනුදෙනු ආරම්භ වුණු අද (09) දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල පහළ යාමක් දක්නට ලැබුණි.
එහිදී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 47.70කින් පහළ ගොස් ඒකක 23,754.26ක් ලෙසත් S&P SL20 අගය ඒකක 6.04කින් පහළ ගොස් ඒකක 6,608.68ක් ලෙසත් දිනය අවසානයේ දී වාර්තා විය.
අද දින රු. බිලියන 6.31ක ගනුදෙනු පිරිවැටුමක් වාර්තා වූ අතර දේශීය මිල දී ගැනීම් රු. බිලියන 6.06ක් හා දේශීය විකිණුම් රු. බිලියන 4.66ක් ලෙසින් එහිදී වාර්තා වුණි. මේ අතර දිනය තුළ විදේශීය මිල දී ගැනීම් රු. මිලියන 246ක් හා විදේශීය විකිණුම් රු. බිලියන 1.65ක් ලෙසින් සටහන්ව ඇත.

Video Story