Cinnamon Life හි කාර්යාල පරිශ්‍රයන් සියල්ලම දැන් වෙන්කර අවසන්

    February, 10, 2026

    ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ දැවැන්තයෙකු වන John Keells Properties ආයතනය, සිය සුවිශේෂී ව්‍යාපෘතියක් වන 'City of Dreams Sri Lanka' හි පිහිටි 'The Offices at Cinnamon Life' කාර්යාල සංකීර්ණය සම්පූර්ණයෙන්ම වෙන්කර අවසන් වූ බව නිල වශයෙන් නිවේදනය කරයි. දේශීය මෙන්ම ජාත්‍යන්තර ප්‍රමුඛ පෙළේ සමාගම් රැසක් මෙම පරිශ්‍රයන්හි සිය මෙහෙයුම් ආරම්භ කර ඇති අතර, ඇතැම් මහල් දැනටමත් විදේශීය සහ දේශීය ආයෝජකයින් විසින් මිලදී ගෙන ඇත.

    මෙම ඉහළ ඉල්ලුම හරහා City of Dreams ව්‍යාපෘතිය කෙරෙහි පවතින ආකර්ෂණය මැනවින් පිළිබිඹු වේ. එය රැකියාව, ජීවන රටාව සහ නාගරික දිවිය එකට මුසු වූ පරිපූර්ණ නවාතැනකි. කොළඹ නගර මධ්‍යයේ පිහිටා ඇති බැවින් Cinnamon Life සහ NUWA හෝටල් වෙත මෙන්ම, වටිනා වෙළඳ නාම රැසකින් සමන්විත The Shoppes at Cinnamon Life සාප්පු සංකීර්ණය වෙතද ඉතා පහසුවෙන් පිවිසිය හැකිය. මීට අමතරව, එහි ඇති සුඛෝපභෝගී නිවාස සංකීර්ණය ද එක්වූ විට, එකම ස්ථානයක ජීවත් වීමට, රැකියාව කිරීමට සහ සමාජීය සබඳතා පැවැත්වීමට හැකි අංගසම්පූර්ණ වටපිටාවක් මෙහි නිර්මාණය වේ.

    මේ පිළිබඳව අදහස් දක්වමින් ජෝන් කීල්ස් සමූහයේ දේපළ වෙළඳාම් අංශයේ ප්‍රධානී සහ විධායක උප සභාපති ඉනෝක පෙරේරා මහතා මෙසේ ප්‍රකාශ කළේය. "Cinnamon Life හි 'The Offices' කාර්යාල පරිශ්‍රයන් සියල්ල වෙනස්වීමක් හරහා පැහැදිලි වන්නේ, ව්‍යාපාරික ප්‍රජාව සිය රාජකාරි කටයුතු සඳහා වඩාත් පහසු සහ සම්බන්ධතාවන්ගෙන් ඉහළ පරිසරයක් අපේක්ෂා කරන බවයි. මෙය කොළඹ නගරයේ මෙතෙක් පැවති සාම්ප්‍රදායික කාර්යාල සංකල්පය අභිබවා යමින්, ව්‍යාපාරික ලෝකය නවතම මාවතකට යොමු කිරීමකි.

    දුම්රිය ස්ථාන, ප්‍රධාන බස් නැවතුම්පොළවල් සහ ප්‍රධාන මාර්ග ජාලයන් ඇතුළු ප්‍රධාන ප්‍රවාහන යටිතල පහසුකම් වෙත සෘජුවම ප්‍රවේශ වීමේ හැකියාව පවතින බැවින්, කොළඹ ප්‍රධාන ව්‍යාපාරික දිස්ත්‍රික්කය (CBD), වරාය නගරය සහ අධිවේගී මාර්ග පිවිසුම් අතර ඉතා පහසුවෙන් ගමනාගමනය කළ හැකිය. පාරිභෝගිකයන් අතර මෙම ව්‍යාපෘතිය සඳහා පවතින අඛණ්ඩ ඉල්ලුමට මෙවැනි ඉහළ මට්ටමේ සන්නිවේදන සහ ප්‍රවාහන සබඳතාවක් පැවතීම ප්‍රධානතම හේතුවක් වී තිබේ.

    City of Dreams Sri Lanka හි Cinnamon Life කාර්යාල සහ නිවාස සංකීර්ණ තුළ පවතින ආයෝජන අවස්ථාවන් දැන් ඉතා සීමිත වෙමින් පවතී. කාර්යාල සංකීර්ණය සම්පූර්ණයෙන්ම වෙන්වී තිබීමත්, දිගුකාලීන කුලී නිවැසියන්ගෙන් ඉහළ කුලී ආදායමක් ලැබීමත් නිසා, මෙවැනි ඉහළ Grade-A ගණයේ වාණිජ දේපළක හිමිකාරිත්වය ලැබීමට ඇති අවස්ථාව ඉතා දුර්ලභය. මෙම ව්‍යාපෘතිය සතු පිහිටීම, ඒකාබද්ධ යටිතල පහසුකම් සහ පවතින ඉහළ ඉල්ලුම හේතුවෙන් Cinnamon Life හි ආයෝජනය කිරීම දිගුකාලීන වටිනාකම සුරක්ෂිත කෙරෙන, නැවත නිර්මාණය කළ නොහැකි ආයෝජන අවස්ථාවක් ලෙස සැලකේ.

    Cinnamon Life හි කාර්යාල සංකීර්ණයට පියවර කිහිපයක් දුරින් එහි නිවාස සංකීර්ණය පිහිටා තිබීම, ආයෝජකයින්ට සහ ව්‍යාපාරිකයින්ට සුවිශේෂී වාසියක් ගෙන දෙයි. 'Live-work' හෙවත් 'එකම තැනක පදිංචිය සහ රැකියාව' යන සංකල්පය හේතුවෙන් ගමනාගමන බාධාවන් අවම වී සේවක ඵලදායිතාව උපරිම වේ. මෙය හුදෙක් කාර්යාල අවකාශයක් පමණක් නොව, දිගුකාලීන ව්‍යාපාරික කැපවීම් සහ ඉහළ වටිනාකම් සහතික කරන අනාගතය ඉලක්ක කරගත් සුවිශේෂී ආයෝජනයකි.

    ව්‍යාපෘතියේ විශාලත්වය සහ පවතින ඉහළ ඉල්ලුම මගින් ඔබේ ආයෝජනයේ ආරක්ෂාව සහ දිගුකාලීන වටිනාකම මැනවින් තහවුරු කරයි. එමෙන්ම, කොළඹ නගරයේ මෙවැනි සුවිශේෂී පිහිටීමක් වෙනත් කිසිදු ව්‍යාපෘතියකින් ආදේශ කළ නොහැකි බැවින්, මෙය දිගුකාලීන වටිනාකම සුරක්ෂිත කෙරෙන ආයෝජනයක් ලෙස සැලකිය හැකිය.

    City of Dreams Sri Lanka හි ආයෝජන අවස්ථා පිළිබඳ වැඩිදුර තොරතුරු දැනගැනීමට, www.johnkeellsproperties.com වෙබ් අඩවියට පිවිසෙන්න. නැතිනම් 070 2 151 151 දුරකථන අංකය ඔස්සේ අප හා සම්බන්ධ වන්න.