සපුගස්කන්දට ලිහිසි තෙල් සපයන්න ලංසු කැඳවීමේ තීරණයක්

    February, 10, 2026

    සපුගස්කන්ද විදුලි බලාගාරයේ පවතින ඩීසල් එන්ජින් මඟින් බලගැන්වෙන ජනන යන්ත්‍ර කට්ටල 12 බලශක්ති ඉල්ලුම නොකඩවා ජනනය කරන බලාගාර (base load plants) ලෙස ක්‍රියාත්මක වේ.

    එම ජනන යන්ත්‍ර කට්ටල සඳහා අවශ්‍ය කරන ලිහිසි තෙල් සපයාගැනීම සහ ‌‌බෙදා හැරීම සිදු කළ යුත්තේ අදාළ මෙහෙයුම් හා නඩත්තු අත්පොතෙහි දක්වා ඇති පරිදි මුල් උපකරණ නිෂ්පාදක විසින් නිර්දේශිත ලිහිසි තෙල් ලැයිස්තුවේ නියම කර ඇති කාණ්ඩ යටතේ ය.

    වත්මන් ලිහිසි තෙල් සැපයුම්කරුගේ කොන්ත්‍රාත් කාලසීමාව 2026-05-09 දිනෙන් අවසන් වීමට නියමිත අතර, ඉන් අනතුරුව වර්ෂයක කාලයක් සඳහා නව සැපයුම්කරුවකු තෝරා ගැනීම සඳහා ජාතික තරගකාරී ලංසු කැඳවීමේ ක්‍රමවේදය අනුගමනය කිරීම පිණිස බලශක්ති අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.